ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර තිබෙනවා.
මීට පෙර පසුගිය 28 වනදා කළ කැදවීමට මන්ත්‍රීවරයා තේරීම්කාරක සභාව හමුවට පැමිණියේ නැහැ.
ඒ අනුව කාරක සභාව හමුවේ පෙනී නොසිටින ඕනෑම මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගවලට අනිවාර්යයෙන්ම එළඹෙන බව කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ප්‍රකාශ කර තිබුණා.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඉන් අනතුරුව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීමට තීරණය කළ බවයි.
එමෙන්ම නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ද අද තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.