Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 10
ගයනා.. මතකද සහන්ව මුණගැහුණ මුල්ම දවස?
මම කලා ක්ෂේත්රයට ඇවිත් ටික කාලයකට පස්සේ සහන් එයාගේ උපන් දිනයකට මටත් ආරාධනා කරලා තිබුණා. හැබැයි ඒ වෙනකොට සහන්ව මට එච්චර මුණගැහිලා තිබුණෙත් නැහැ. ඒනිසා මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. මට ඒ උත්සවයට යන්න බැරිවුණා.. ඊට පස්සේ එක එක උත්සව අවස්ථාවලදී සහන් මට මුණගැහුණා. හැබැයි 2002 වසරේදී සහන් “සරදම කියලා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ “සරදම ටෙලිනාට්‍යයට මට කතා කරන්න සහන් අපේ ගෙදර ආවා. මමත් ඒ නාට්‍යයට සම්බන්ධ වුණා.
සහන් මොනවගේ කෙනෙක් ද?
එයාගේ ඇත්තටම හිත හොඳයි. හරි ඉක්මනට සහන්ගේ හිත උණුවෙනවා. පොඩි දේටත් එයා ඉක්මනින්ම සංවේදී වෙනවා. එයාට කේන්තිත් යනවා. හැබැයි ඒ කේන්තිය තියෙන්නේ විනාඩි පහක් වගේ පොඩි වෙලාවක් විතරයි. සහන් කියන්න තියෙන දේ කෙලින්ම කියනවා. කිසිම දෙයක් එයා හිතේ තියාගෙන පැසව පැසව ඉන්නේ නම් නැහැ. අසාධාරණයට වුණත් හරියට කතාකරන කෙනෙක්. එයා හරිම ආදරණීය චරිතයක්. සමහරැ එයා ඉන්න විදිහෙන් “සහන් ආඩම්බරයි කියලා කියනවා. හැබැයි එයා ආඩම්බර කෙනෙක් නෙමේ. සහන් එක්ක හිතවත් වුණොත් එයා පණවුණත් දෙන චරිතයක්.
සහන්ගේ විලාසිතා ගැන ගයනා මොකද හිතෙන්නේ?
විලාසිතා ගැන නම් සහන් උපරිමයෙන්ම හිතන කෙනෙක්. සපත්තු දෙක හොඳට පොලිෂ් කරලා තමයි එයා දාන්නේ. එයා හරි ආසයි සුදු පාට ලිනන් කමිස අඳින්න. වැඩිපුරම සුදු ෂර්ට් එක තමයි අඳින්නේ. සුදු ෂර්ට් එක ඇඳලා ඒකට ගැලපෙන කලිසම, ගැලපෙන ඔර්ලෝසුව දාන්න එයා හරි ආසයි. එයා පිටරට ගියාම එයාගේ කමිස වැඩිපුරම ගේනවා. ඒවා හරි ලස්සනට පිළිවෙළට සහන් අඳින්න ආසයි. විලාසිතා ගැන හරිම උනන්දුයි.
සහන්, ගයනා ලස්සන නිවසක් හැදුවනේ. නිවසේ වැඩවලට සහන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
සහන්ට හරි රසට උයන්න පුළුවන්. සමහර කෑම මම උයන්න ඉගෙන ගත්තේ සහන්ගෙනුයි. මමත් මගේ අම්මගෙන් අහගෙන මම ගෙදර ඉන්න කාලේදීත් උයන්න පුරුදු වුණා. මටත් උයන්න පුළුවන්. හැබැයි දැන් නම් එයාගේ වැඩත් එක්ක ගෙදර වැඩවලට මට උදව් වෙනවා හරි අඩුයි. දැන් මම එයාට උදව් වෙන්න කියලා කියන්නෙත් නැහැ. ගෙදර වැඩවලට අපිට කෙනෙක් ඉන්න නිසා සහන් නිදහසේ එයාගේ කලා නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. හැබැයි ඇඳුම් වගේම කෑම ටිකත් හරි රසට එයාට ඕනේ..
දෙන්නා එකතුවෙලා නිතරම විදෙස් සංචාරවලට එහෙම සහභාගී වෙනවනේ.. ඒ ගමන්වලදී අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
අපි ඩුබායිවලට ගිහින් අපි දෙන්නට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් අරගෙන එනවා. එහෙම බැංකොක් ගියාම අපි දවස් අටක් විතර ඉඳලා එන්නේ. එකවතාවක් අපි දෙන්නා එහෙම ගිහින් උදේ ඉඳන් රෑ වෙනකන් පාරේ ඇවිද්දා. සමහර තැන් ඇවිදගෙනම ගියා. සමහර තැන් යන්න ට්‍රයිෂෝ එකක් ගත්තා. උදේ ඉඳන් රෑ වෙනකන් කොච්චර ඇවිද්දත් කකුල්වලට කිසිම අමාරුවක් නැහැ. හැබැයි බඩු ටිකත් අරගෙන රූම්එකට ආපු ගමන් අපි දෙන්නාගෙම කකුල් කැක්කුම ගත්තා. ඩුබායි ගියොත් අපි නැවේ යනවාම තමයි. සහන් හරි විනෝදකාමියි. සහන්ගේ ප්‍රධාන විනෝදාංශය තමයි ගීත ගායනය. එයාට හරි ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. ගෙදරත් ගීත ගැයීමට අවශ්‍ය කරන වාදන භාණ්ඩ තියෙනවා. ඒ නිසා නිතරම එයා සින්දු කියනවා. නැත්නම් අපේ ළඟම යාළුවෝ කීපදෙනෙක් එකතු කරගෙන අපි පැඳුරු පාටියක් දානවා. ඒ දේවල්වලින් සහන් ගොඩාක් සතුටු වෙනවා.
සහන් මුලින්ම ගයනාට දීපු මුල්ම තෑග්ග මතකද?
සහන් මට මුලින්ම අරගෙන දුන්නේ මුද්දක්. ඒක හරි ලස්සනයි. අදටත් ඒක මම ළඟ තියෙනවා. මම එයාට මුලින්ම දුන්නේ ඔරලෝසුවක්.
සහන් එක්ක ගෙවන ජීවිතේ ගැන අද මොකද ගයනාට හිතෙන්නේ?
සහන් එක්ක ගෙවන ජීවිතේ ඇත්තටම සුන්දරයි. මිනිස්සුන්ගේ පවුල් ජීවිතය තුළ දුක, සතුට, හැමදෙයක්ම තියෙනවා. ඒවා හැමදෙයක්ම අපිට උරුම වෙන දේවල්. මේ හැම දෙයක්ම අපි විඳදරාගන්න ඕනේ. අද බොහෝදෙනා අතර ප්‍රශ්න ඇතිවෙන්නේ මේ විඳදරා ගැනීම නැතිකම නිසායි. ඒ අයට ජීවිතය ගෙනියන්න දන්නේ නැහැ. අපි දෙන්නා තුළ හොඳ අවබෝධයක් තිබෙනවා. එයා මාව තේරුම් ගන්නවා. මම එයාව තේරැම් ගන්නවා. අපි නිර්මාණ කරනවා. ඇත්තටම සහන් එක්ක ගෙවන මේ ජීවිතේට මම හරි ආදරෙයි.
ගයනා එක්ක සහන් ගැන කතා කරද්දී සහන් එක්කත් ගයනා ගැන කතා නොකළොත් ලොකු අඩුවක්නේ. බලමු ද මේ ආදරණීය සැමියා තම බිරිඳ ගැන කියන්නේ මොනවාද කියලා...
සහන් ඔයාට මතකද මුලින්ම ගයනාව මුණගැහුණේ කොයි කාලේදී ද කියලා?
ගයනා කියන්නේ ඒ කාලේ ඉඳන්ම මම කැමති නිළියක්. කොහොමහරි මම ගයනාව මම නිෂ්පාදනය කළ ටෙලිනාට්‍යයකට එයාගේ ගෙදර ගිහින් ආරාධනා කළා. ඒ 2001 වසරේ අන්තිම. ඒ ටෙලිනාට්‍යයෙන් පස්සේ තමයි අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තේ. අවුරුදු හතක් විතර අපි ආශ්‍රය කළා. ඊට පස්සේ තමයි මම එයාව විවාහ කරගත්තේ.
ගයනාට ආදරය කරන්න, විවාහ කරන්න තරම් ඇය තුළ තිබුණු සුවිශේෂිකම මොකක්ද? ඇයි ගයනාට හිත ගියේ?
මම ජීවිතේ හැමදාම හෙව්වේ ආදරණීය ආදරයක්. මම ආදරය සොයාගෙන ගිහින් අසරණ වුණු, විනාශ වුණු අවස්ථා මගේ ජීවිතේ තිබුණා. ඒ නිසා ගයනාව හමුවුණාට පස්සේ මට හිතුණා මම හොයපු ආදරණීය ආදරය තියෙන්නේ මෙතනයි කියලා. අපි ආදරය කරපු කාලයේදී අපි වෙනස් වුණෙත් නැහැ. ඒ ආදරය, ඒ සිතුම් පැතුම් ඒ විදිහට තිබුණා. ඒ ආදරය අදටත් ඒ විදිහටම තියෙනවා. ඒ ගැන ඇත්තටම අදටත් තියෙන්නේ ලොකු සතුටක්.
මතකද ගයනාට මුලින්ම දීපු තෑග්ග?
ඔව්.. ගයනාට මම මුලින්ම Lunch එකක් දුන්නා. එතකොට මම එයාට ආදරය ප්‍රකාශ කරලා තිබුණේ නැහැ. මම කරපු ආරාධනය එයා බාරඅරගෙන Lunch එකට ආවා. ඊට පස්සේ මම “සුදු හාමිනේ කියලා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒකේ ප්‍රධාන චරිතයට රඟපෑවේ ගයනා. ඒකට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.
ගයනාට කේන්ති යනවාද?
ඉස්සර නම් ගයනාට කේන්ති ගියා. දැන්නම් ගයනාට කේන්ති යන්නේ නැති තරම්. කේන්ති එද්දී ගයනා කියෝවනවා. මට කියෝවන එක ලොකු වදයක්. ඒ නිසා දැන් එයා ඒ කේන්තිය පාලනය කරගෙනයි ඉන්නේ.
ගයනා වැඩිපුරම කැමති මෙනවාටද?
ගයනා කලාවට, සංගීතයට හරි කැමතියි. ගයනා සංවේදී කෙනෙක්. එයා හරි ආසයි මම සින්දු කියනවා අහගෙන ඉන්න. ඒ නිසා ගෙදර ඉදිද්දී අපි සින්දු කියනවා. එයා අසරණ මිනිසුන්ට උදව් කරන්න හරි කැමතියි.
ජීවිතේ අමතක නොවන සිදුවීම් ඇතිනේද?
ඔව්.. අනන්තවත්.. ඒකේදී අමතක නොවන සිදුවීමක් කියන්නම්. ගයනායි මායි අතරේ ඒ කාලේ ඇසුර තියෙද්දී අපේම යාළුවෝ එයාට කෝල් කරලා “සහන් හොඳ නැහැ. යාළුවෙන්න එපා කියලා කිව්වා. අපේ ආදරේ ස්ටයිල් එකට බොහෝ දෙනෙක් කැමති නැති වුණා. ඒ නිසා ගයනාට සමහරැ බොරැ කියලා මේ සම්බන්ධය නවත්වන්න උත්සහ කළා. හැබැයි ඒ ඔක්කොම කෝල් එද්දී මාත් ගයනා ළඟින්ම හිටියා. ඉතින් අපි දෙන්නටම හිනා. ගයනා ෆෝන් එක තිබ්බ ගමන් මගේ දුරකතනට ඒ අයම කතා කරලා ගයනා ගැන වැරදි කිව්වා. ඒ කාලේදී අපි දෙන්නා මේ දුරකතන කතා අහලා හිනා වුණා. අපි වටේ හිටපු අයම කවුද කියලා අපිට තේරැම් ගන්න පුළුවන් වුණා. ඒ අයව අපි ඒ දවස්වලම එහෙමම අත්හැරියා.
ලස්සන ගෙයක් හදන්න අඩිතාලම දැමුණෙත් අහම්බෙන් කියලයි ආරංචිය?
ඔව්.. එතකොට අපි කසාද බැඳලා නැහැ. දවසක් මම ගයනාට “අපි බඳිමු කියලා කිව්වා. ගයනා “බැහැ බඳිනවා නම් ගෙයක් හදාගන්න ඕනේ. කියලා කිව්වා. ඊළඟ දවසේම ගයනාව පොල්ගස්ඕවිට පැත්තේ ඉඩමක් බලලා ඒක අරගෙන සුමාන දෙකකින් අපි දෙන්නාගේ කැමැත්තට ගෙයක් හදන්න පටන් ගත්තා. මාස හයෙන් ගේ හදලා ඉවර වුණාට පස්සේ “දැන් අපි කසාද බඳිමුද.. කියලා අහලා තමයි අපි දෙන්නා බැන්ඳේ. එයා ලස්සන මල් ගස් හිටෙව්වා. මම පළතුරු ගස් ටිකක් හිටෙව්වා. ඒවාවල ඵල දැන් තියෙනවා. එයා හදපු මල්ගස් දැන් අපිට වඩා උස්මහත්වෙලා මල් පිපිලා. පළතුරු ගස්වල දැන් පළතුරු හැදිලා.
ගයනා වගේ කෙනෙක් ජීවිතේට ළංවුණුඑක ගැන සහන්ට මොකද හිතෙන්නේ?
ගයනාව මට මුණගැසුණු නිසා අද මගේ ජීවිතේ පිළිවෙලයි. මට කවදාවත් ගෙයක් දොරක් හදාගෙන පිළිවෙලක් වෙන හීනයක් තිබුණේ නැහැ. ජීවිතේ ආපු ප්‍රශ්න එක්ක මගේ ජීවිතේ කොහාටද යන්න ඕනේ කියන දෙගිඩියාවෙන් මම හිටියේ. ගයනා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
► Text - Dishani
Top