Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 10
938
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු සොයමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් නිලධාරීන් කිහිප දෙනෙකු ලෝක ක්‍රිකට් පිටියේ නම ගිය පුහුණුකරුවන් කිහිපදෙනකු සමග මේ වන විටත් ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තෝරා ගැනීමට සාකච්ඡා පවත්වා ඇති බවට වාර්තා වේ.

එම සාකච්ඡා පැවැත් වූ පුහුණුකරුවන් අතර ශ්‍රී ලංකා හිටපු පුහුණුකරුවෙකු වන එංගලන්ත ජාතික පෝල් ෆාබ්‍රාස් සහ සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක සහ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් යන මහත්වරු ඉදිරියෙන් සිටිති.

පෝල් ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබේ. ඒ මහතා මීට පෙර ට්‍රෙවෝ බේලිස් මහතා යටතේ 2007 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, පසුව බේලිස් මහතා ඉවත් වීමෙන් අනතුරුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ෆාබ්‍රාස් මහතා පුහුණුකරු ලෙස කටයුතු කරද්දී ශ්‍රී ලංකාව 2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන ශූරතාව සහ එම වසරේම ආසියානු කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය. ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකාව සහභාගි වූ තරග නැරඹීමට පැමිණ සිටි අතර, ඒ මහතා තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැඩි විමසීමෙන් සිටින බවක් දැකගත හැකිවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර්හිදී ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ අවස්ථාවේදී ෆාබ්‍රාස් මහතාද තුවාල ලැබීය.

ශ්‍රී ලංකාවට දඟපන්දු යවන්නන්ගේ විදේශීය පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බවට වාර්තා වේ. ඉන්දීය හිටපු දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං මහතා උපදේශකයකු ලෙස සති කිහිපයක් කටයුතු කිරීමට කැමැත්ත පළකර ඇති බවද දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ නමගිය පුහුණුකරුවන් පස්දෙනකු සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම ලබන වසර දක්වා පවතින බව දැනගන්නට තිබේ. ඒ අනුව නව පුහුණුකරුවකු පත්කිරීම ගැටලුවක් නිර්මාණය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

උපුටා ගැනීම අද පුවත්පත - යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top