Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
113
Views
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන මිනීමැරුම් චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top