Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
2,507
Views
ලෝක කුසලාන තරඟාවලියේ පසුගිය දිනෙක පැවැත්වුණු කොදෙව්වන් හා ඇෆ්ගනිස්ථාන පිල අතර පැවති තරඟය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් තරඟයක් බවට පත් වුණා.
 
ඒ එම කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ගේ අවසන් ලෝක කුසලාන තරඟය වීම හේතුවෙන්.
 
තරඟයෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් නික්මුණු ක්‍රිස් ගේල්ට සුබ පතන්න ලීඩ්ස් ක්‍රීඩාංගනයට එක්ව සිටි ක්‍රීඩා ලෝලීන් අමතක කළේ නැහැ.
 
ඇත්තටම ක්‍රිස් ගේල් කවුද? ඒ ගැන කියන මේ කතාව ඔබත් කියවලා බලන්න.

ගේල් කියන්නේ, කොදෙව්වන් අතර විතරක්ම නෙවෙයි, මුළු ලෝකයක්ම වසඟයට ගත්ත සුපිරි ක්‍රිකට් තරුවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
 
ඔහුගේ ලෝක කුසලාන අවසන් තරඟයදා බොහෝ පිරිසක් ඔහු වෙනුවෙන් සංවේදී සටහන් එකතු කර තිබුණා.
 
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ නිහතමානී ක්‍රිකට් තරුවක් විදිහට කා අතරත් ජනප්‍රිය වුණු ක්‍රිස් ගේල්ගේ අතීත කතාව ඒ තරම් රසවත් එකක් නම් නෙවෙයි.
 
ඔහු මේ ගමන එන්නේ දාහක් බාධක මැද්දෙන්. ඒත් අද වෙනකොට මුළු ලෝකයක්ම ඔහුට ආදරේ කරනවා.
 
මේ කතාව... ඔහු ගැනයි.
 
අවම ආර්ථික වර්ධනයක් සහිත ජැමෙයිකාවේ පාන් කෑල්ලක් කන්න මුදල් හොයන පුංචි පිරිමි ළමයි ජැමෙයිකාවේ සුලබ දර්ශනයක් වුණා.
 
කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාවත් ජැමෙයිකාවේ කුඩා ළමුන් අතර ප්‍රසිද්ධ ක්‍රීඩාවක් බවට පත්ව තිබුණා.
 
කුඩා ළමුන්ට ආධාර ලබාදෙන කණ්ඩායමක් ළමුන් පිරිසක් සෙල්ලම් කරන අයුරු බලාගෙන හිටියා. කඩුල්ලක් දැවී ගිය පසු සිමෙන්ති බංකුවක් මත නිදා උන්නු පිරිමි ළමයෙක් ඇහැරිලා පිටියට ආවා.
 
මෙන්න මේ විදිහට කැඳවගෙන ආපු දරුවා පරිණත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේ පිත්ත හසුරුවන්න පටන් ගත්තා.
 
තම කණ්ඩායම දිනන තෙක් පන්දුවට පහර දුන් මේ දරුවා තම ඉනිම වෙනුවෙන් ලබා ගත්තේ පාන් කැබැල්ලක්.
 
දරුවා පසුපසින් සහනාධාර කණ්ඩායමේ හිටපු ක්‍රිකට් සමාජයක නිලධාරියෙක් ඇවිදගෙන ගියා. ඔහු මේ දරුවා සමඟ කතා කළා.
 
"ඔයාගේ නම මොකද්ද?"
"ක්‍රිස්..."
"සම්පූර්ණ නම..?"
"ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල්..."
"ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න..?"
"හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි.."
 
පාන් කෑල්ලට ක්‍රිකට් ගහන්න කැමති වුණු ක්‍රිස්ටොපර් අද වෙනකොට ක්‍රිකට් ලොව අසහාය වීරයෙක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
 
ඔහුගේ ක්‍රීඩා විලාශය නිසාම, Gayle Storm, Sparton, Sixer Machine වැනි අන්වර්ථ නාමවලින් පිටියේදී ඔහුව හඳුන්වනු ලබනවා.
 
ක්‍රිස් ගේල්ගේ පවුලේ සාමාජිකයන් 8 දෙනෙක් සිටිනවා. මේ නිවසේ රැකියාවක් කළේ පියා පමණයි.
 
ක්‍රිකට් සෙල්ලම් කර පාන් කැබැල්ලක් සොයා ගැනීමට නොහැකි වූ දිනෙක ඔහු සොරකම් කිරීමට පවා පෙළඹ තිබෙනවා.
 
ගේල් කුඩා කාලයේ අත දුන් මහත්මයා නමින්, සිම්සන් ඇන්ද්‍රියාස්.
 
එතැන් පටන් ජැමෙයිකාවේ ප්‍රසිද්ධ ක්‍රිකට් ලීගයක පිතිකරුවෙකු බවට ගේල් පත්වුණා. ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු බවට පත් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එක් වීමත් සමඟයි.
 
ශාෂිංක විදුසර
රැස
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top