Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
882
Views
පසුගියදා රට තුළ කතාබහක් ඇති කළ පොළඟකු දෂ්ට කිරීමට සලස්වා බිරිය මරා දැමිමට උත්සාහ කළ ව්‍යාපාරිකයා මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර ඔහුගෙන් ඒ ගැන විමසීමේදී ඔහුට එසේ කිරීමට අදහසක් පහළ වූයේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ ටෙලිනාට්‍යයක් නැරඹීමෙන් බව 
පෙරේදා (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ ධනවත් ව්‍යාපාරිකයා හෙළිකර තිබේ.
කාන්තාවකට සර්පයකු දෂ්ට කිරීමට සැලසුම් කරන අන්දම මිට කාලයකට ඉහතදී රූපවාහිනී නාලිකාවක විකාශය වූ
ටෙලිනාට්‍යයකින් දැක තිබූ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පචසා ඇති බව පැවැසේ. ඒ අනුව අහිකුණ්ඨක තරුණයකුට මුදල් කොන්ත්‍රාත්තුවක් ලබාදී අවස්ථා දෙකකදී ඔහුගේ මාර්ගයෙන් බිරියට පොළගෙකු දෂ්ට කිරීමට කටයුතු කළ බව ද සැකකරු වැඩිදුරටත් පොලිසියට පවසා ඇති බව කියති. පළමු අවස්ථාවේ පොළඟා දෂ්ට කළත්
 
දෙවැනි අවස්ථාවේ ඌ දෂ්ට නොකළ බව ද සැකකරු පැවැසී යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
බිරිය මරා දැමීමට පසුගිය 30 වැනිදා උත්සාහ කර එම තැත වැළකී ගිය පසු ව්‍යාපාරිකයා එම ප්‍රදේශය අතහැර පළා
ගොස් තිබිණි. අහිකුණ්ඨක තරුණයා පොළගෙක් ද සමග සැකපිට එදිතම අත්අඩංගුචට ගනු ලැබීය. පළාගිය සැකකරු අනුරාධපුරය ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණ ඔත්තුව මත සැකකාර ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ගම්පහ ප්‍රදේශයෙන් පළා ආ ව්‍යාපාරිකයා අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිට ඇති බව ද පැවැසේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ ගමපහ මූලස්ථාන පොලිසියට රැගෙන එනු ලැබීය. පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යපාරිකයකු විසින් තම බිරිය මරා දමන ලෙසට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත කටයුතු කළ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මහතුන්ගේ ජයරත්න නමැති අහිකුණ්ඨක සැකකරු මේසේ රිමාන්ඩ් භාරයට  පත් කෙරුණි.  පවතින පවුල් ආරවුලක් මත  බිරිය මරා දැමියයුතු බවටත් ඒ සඳහා පොළඟකු රැගෙන එන ලෙස පැමිණිලීකාරිගේ සැමියා තමාට පවසා  සිටීම හේතුවෙන් මෙසේ පොළඟකු රැගෙනවිත් කාන්තාවගේ ඇඟට විසිකර පැමිණිලිකාරිය මරා දැමීමට උත්සාහ කළ  බව සැකකරු අධිකරණයේදී පිළිගත් අතර පැමිණිලිකාරි ඝාතනය කිරීමට සැකකරුට කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවත් පැමිණිලිකාරියගේ සැමියාගේ අවශ්‍යතාව මත මෙය සිදු වූ බවත් සැකකරු අධිකරණය හමුවේ පැවැසීය.

මෙම නඩුවට අදාළව තමා සැකකරුවකු නොව සාක්ෂිකරුවකු ලෙස නම් කරන ලෙසට සැකකරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටීයේය. ඒ අනුව සැකකරු රජයෙදී සාක්ෂිකරුවකු ලෙස නම් කළ හැකිද යන්න නීතිපති උපදෙස් ලබාගන්නා ලෙස ගම්පහ පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා සැකකරු එතෙක් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

 එක් දරු මවක වන පැමිණිලිකාරිය තම දරුවා සහ සැමියා සමඟ එකම නිවෙසක ජීවත් වුවත් පැමිණිලිකාරිය සහ සැමියා අතර පවුල් ආරවුලක් පවතින බව පොලිස් පක්ෂණවලදී අනාවරණය වූ බවත් පැමිණිලිකාරියගේ සැමියා 30 වැනිදා දරුවා පෞද්ගලික පන්තියකට ඇරලවා නැවත නිවෙසට මෝටර් රථයෙන් පැමිණීමේදී සැකකාර අහිගුණ්ඨික  තරුණයා නිවෙසට රැගෙනවිත් පොළඟකු පැමිණිලිකාරිගේ ඇඟට දමා දෂ්ට කඩා පැමිණිලිකාරිය ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

පැමිණිලිකාරිය තම සිරුර මතට වැටුණ සර්පයා විසිකර ඇති බවත් එම සර්පයා පොළඟකුද යන වනජීවී දෙපාර්තමේන්තු නිලධාරින්ගේ වාර්තාවක් කැඳවා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය. මීට මාස දෙකකට පමණ ඉහතදී  පැමිණිලිකාරිය නිවෙසේ නිදාගෙන සිටියදී නයකු දෂ්ට කිරීම හේතුවෙන් දැඩි ලෙස රෝගී වී ඇති බත් ඊට අදාළව පරික්ෂණ පවත්වන බවත් ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත්  කරුණු වාර්තා කළේය. 
 
මෙම කාන්තාව හා සැමියා ජීවත්ව ඇත්තේ ගම්පහ ඉදිගොල්ල සිරිමඋයන ප්‍රදේශයේය. මෙම කාන්තාවට මීට මාස 3 පෙරද නිවෙසේ කාමරයේදී ඇයද නොදැන මෙසේ සර්පයකු දෂ්ටකර තිබේ. එහිදීද කකුල තුවාල වී ඇත්තේ සර්ප දෂ්ටයකින් බවට තීරණය කර ඇත්තේ සැමියා විසින්මය. ඇය අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ ඇත්තේ දින කිහිපයකට පෙරය. මේ අතර සැමියාට ගම්පහ නගරයේදී නයි නටවන්නකු හමුවී තිබේ.

සිය බිරියට දෂ්ට කරවීමට රුපියල් 25,000ක් දෙන බවට පොරොන්දු වී පොළඟකු ගෙනැවිත් දෙන ලෙස ඔහුට පවසා තිබේ. ඒ අනුව ඉකුත්දා (30දා) උදේ නයි නටවන්නා පොළඟකු සොයාගෙන අදාළ පුද්ගලයා හමුව තිබේ. පසුව මොහු නයි නටවන්නාත් කාමරයේ දමාගෙන නිවසට පැමිණ තිබේ.

නයි නටවන්නා පොළගාද රැගෙන බිරියගේ කාමරයට යනවිට බිරිය සිට ඇත්තේ පහළ මාලයේය. එකවරම සැමියා පැන බිරිඳගේ බඳෙන් තදකර අල්ල ගෙන නයි නටවන්නාට පොළගා බිරියගේ ඇඟට දමා දෂ්ට කරන ලෙස පවසා තිබේ.  ඔහුගේ කීම අනුව නයි පණික්කියා හතරවතාවක් කාන්තාවගේ ඇගට පොළඟා දමා තිබේ. එහෙත් පොළඟා කාන්තාවට දෂ්ට කර නැත. අවසන් අවස්ථාවේදී කාන්තාව සර්පයාට අතෙන් ගසා තිබේ. ඒ මොහොතේ පණික්කිය අතින් සර්පයා බිම වැටීම නිසා බියවූ සැමියා බිරිය අතහැර මෝටර් රථ රැගෙන පලා ගොස් තිබේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව නයි නටවන්නා පොලීසියට අල්ලා දී තිබේ. පොලිසිය සැමියාගේ මෝටර් රථය උඩුගම්පොළ ප්‍රදේශයේ නිවෙසකින් සොයාගෙන තිබේ.ඒ වනවිට නයි නටවන්නා මෝටර් රථයේ සිට නැති අතර පොරොන්දු වු 25,000ද ලැබී නැත. මෙම පුද්ගලයාට අනියම් ඇසුරක් පැවැතීම හේතුවෙන් මෙලෙස ඇය මරා දැමීමට සලස්වා සර්පයකු දෂ්ට කොට මියගිය බව ඒත්තු ගැන්වීම පිණිස මෙවන් ක්‍රියාවක් කළ බව මේ වනවිට අත්අඩංගුවේ සිටින ව්‍යාපාරික සැමියා පාපොච්චාරණය කර තිබේ.
බිරිය මෙවැනි ආකාරයට මරා දැමීමට සැලසුම් කර ඇත්තේ ඇය සතු දේපොළ ද අයිති කරගෙන වෙනත් කාන්තාවක් සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් බව ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇතැයි කියති. ව්‍යාපාරිකයා අනියම් සම්බන්ධයක් පචවාගෙන ගිය බව කියන කාන්තාව ද ව්‍යාපාරිකයාගේ බිරිය මරා දැමීමට සැලසුම් කිරීමට ආධාර අනුබල දීම හේතුවෙන් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top