Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
321
Views
වසර දෙකහමාරක් විදේශගතව සිට ලංකාවට පැමිණි බිරිඳට පිහියකින් බෙල්ලට කොටා බිරිඳ ඝාතනය කළ සැමියා (07) උදෑසන හසලක පොලිසියට බාරවී ඇති බවත් දෙදෙනා අතර කලක සිට පවුල් ආරවුලක් තිබු බවට තොරතුරු අනාවරණය වූ බවත් හසලක පොලිසිය පවසයි. 

මෙසේ මියගොස් ඇත්තේ කොලොන්ගොඩ, හසලක පදිංචි තලවතුරේ ගෙදර ශ්‍රියානි දයාරත්න නැමැති වයස 42 වු තිදරු මවකි.

පිහි ප්‍රහාරයට ලක්වු බිරිඳ එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බිරිඳගේ සිරුර නිවස අසල වූ කුඹුරේ කමතට ඇදගෙන ගොස් පිදුරු ගොඩකට දමා ගිනි තබා ඇත. ගින්නෙන් සිරුරට සුලූ‍ පිළිස්සුම් සිදුව ඇත. 

බිරිඳ විදේශගතව සිට මීට සතියකට පමණ පෙර ලංකාවට පැමිණ ඇති අතර, ඇය ඇයගේ හසලක කොලොන්ගොඩ නිවසට නොපැමිණ, ඇය ගේ මවගේ ගම්පොල නිවසට ගොස් ඇත. එහි සතියක් පමණ රැඳී සිට (06) දා මව සමග කොලොන්ගොඩ නිවසට පැමිණ ඇත මව උදෑසන නුවර බස් රථයකට නග්ගවා නිවසට පැමිණ ආහාර ගනිමින් සිටියදී සැමියා සමග ආරවුලක් ඇතිව ඇත. එහිදී සැමියාගේ පිහි ප්‍රහාරයකට ලක්ව කාන්තාව මියගොස් ඇත. 

වැඩබලන මහියංගන මහේස්ත්‍රාත් එස් ගෝවින්ද මහතා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මරණ පරික්ෂණය සිදු කිරිම සඳහා සිරුර මහියංගන මුලික රෝහල වෙත යොමුකරන ලෙසට නියෝග කෙරිණි.

පොලිස් භාරයට පත් වු ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

හසලක පොලිසියේ නව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල බංඩාරගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති. උප පොලිස් පරික්ෂක එච් එම් ජි හේරත් මහතා ඇතුලූ‍ පොලිස් නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වති.

මහියංගණ - රංජිත් කරුණාවිර
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top