Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 09
719
Views
2019 ලෝක කුසලානය එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද පැවැත්වෙනවා.

ඒ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ සිව්වන ස්ථාන වල පසුවන ඉන්දියාව සහ නවසීලන්තය අතරයි.

ඉන්දීය පිළේ නායක විරාට් කෝලි මෙන්ම රෝහිත් ශර්මා පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටින අතර, ජස්ප්‍රිට් බුම්රා නවසීලන්ත පිළට පන්දුවෙන් අභියෝගයක් එල්ල කරනු ඇති.

කේන් විලියම්සන්, පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර, ලොකී ෆර්ගසන් ඇතුළු පැයට කිලෝමීටර් 150කට ආසන්න වේගයකින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නවසීලන්තය සතුයි.

මේ නිසා ඉන්දියාව සහ නවසීලන්තය අතර අද මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ. 

අවසන්  පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ඉන්දියාව තමන් මුහුණදුන්  මූලික වටයේ තරඟ නවයෙන් තරඟ 07ක් ජයගෙන එක් තරඟයක් පරාජය වුණා.

ඒක්‌ තරඟයක් අවසන් වුණේ තීරණයකින් තොරවයි. 

නවසීලන්තය තමන් මූලික වටයේ සහභාගී වූ තරඟ නවයෙන් තරඟ 05ක් ජය ගැනීමට සමත් වූ අතර පරාජය වූ තරඟ සංඛ්‍යාව 03ක්.

ඔවුන් සහභාගී වූ එක් තරඟයක් අයහපත් කාලගුණය හේතුවෙන් අවසන් වුණේ ද තීරණයකින් තොරවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top