Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 08
1,513
Views

හිගුරක්ගොඩ පාඵවැව ජනඋදාන ගම්මානයේ 19 හැවිරිදි තරුණියක ගුවන් හමුදාවේ සේවය කරන 42 හැවිරිදි විවාහක සැරයන්වරයෙකු ඊයේ පස්වරුවේ තරුණියගේ නිවස පිටුපස කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් දුෂණය කල බවට එම තරුණියගේ දෙමාපියන් විසින් හිගුරක්ගොඩ පොලිසියට කල පැමිණිල්ල අනුව ගුවන් හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරට අනුයුක්තව හිගුරක්ගොඩ පාඵවැව ජනඋදාන ගම්මානයේ විහාරස්ථානයක ඉදිකරන ගොඩනැගිල්ලක සේවය කරන ගුවන් හමුදා සැරයන්වරයෙකි. මෙම සැරයන්වරයා හගුරන්කෙත ,එළමුල්ල, ගල්ලෑල්ල . ලිපිනයේ පදිංචි සිටින විවාහකයෙකු බව හදුණාගෙන ඇත.

හිගුරක්ගොඩ පොලිසිය විසින් කල විමර්ශන අනුව මෙම ගුවන් හමුදා සැරයන්වරයා ඇතුඵ පිරිසක් හිගුරක්ගොඩ පාඵවැව ජනඋදාන ගමිමානයේ පිහිටි විහාරස්ථානයක සේවය කරමින් සිට ඇත. මෙම දුෂණයට ලක් වු තරුණිය හා ගුවන් හමුදා සැරයන්වරයා අතර ප්‍රෙම සම්බන්ධතාවයක් තිබි ඇත. 2019- 07 .07 .දින පස්වරු 5.00 පමණ පමණ ගුවන් හමුදා සැරයන්වරයා විසින් තරුණියට ඇගේ නිවස පසු පස ඇති කෑලෑ රොදයට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් ලබා දි ඇත.ඒ අනුව තරුණිය එම ස්ථානයට ගොස් ඇත. 

පසුව එම ස්ථානයට පැමිනි ගුවන් හමුදා සැරයන්වරයා විසින් මද වේලාවක් තරුණිය සමග කතා කරමින් සිට තරුණියගේ කට අතින් වසා ගෙන තරුණිය කිප වතාවක් පුර්ණ ලිංගික අතවරයක් කළ බව තරුණිය විසින් පොලිසියට පවසා තිබේ. පසුව තරුනිය කෑළැ ප්‍රදේශයේ සිට පැමිණෙන අයුරු දැක දෙමාපියන් විසින් තරුණියගෙන් විමසා සිටි අවශ්ථාවේ සිද්ධිය පවසා තිබේ. 

පසුව දෙමාපියන් විසින් හිගුරක්ගොඩ පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව ගුවන්  හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තරුණිය වෛද්‍ය පරික්ෂණ සදහා හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අද දින බකමුණ සංචාරක අධිකරණයට ඉදිරිප ත් කිරිමට නියමිත බව හිගුරක්ගොඩ පොලිසිය කියයි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top