Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 05
1,912
Views
මැඩෝනා ලොයිස් සිකෝනේ, ලෝකය ඇයව හදුන්වන්නේ පොප් රැඡිණ යනුවෙන්. එක්සත් ඡනපදයේ කීර්තිමත් ගායිකාවක් ගීත රචිකාවියක් සහ සාර්ථක ව්‍යපාරික ගැහැණියක් ලෙස ඇය  සිය දෙපයින් අභිමානයෙන් යුතුව නැගී සිටියි. මැඩෝනා ඇමෙරිකා එක්සත් ඡනපදයේ විශිෂ්ට කලාකරුවන් උදෙසා පිදෙන ඉහළම සමිමාන සහ සහතික හිමි දෙවන කලාකාරිනියයි‍‍. ලොව පුරා විකුණූ ඉහළම සංගීත තැටිවල වාර්තාවට හිමිකමි කියන්නේ ‍මැඩෝනා ගැයු ගීතයන්ය. මිලියන 300 ද ඉක්මවූ එය ගිනස් වාර්තාවකි. 

අදටද ලොව සංචාරක ගී ගයන්නන්ගේ වැඩිම ආදායමි වාර්තාව මැඩෝනා සතුය. එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1. 4 කි.ඇය ලොව විශිෂ්ටතම ගායිකාවන් 100 දෙනාගෙන්ද ලොව විශිෂ්ටතම ගී පද රචකයන් 100 දෙනාගෙන්ද කෙනෙකි.

වයස අවුරුදු 61 වන මෙම අපූරු ගැහැණිය සිය අවසාන ඡයග්‍රහනය ලැබුවේ2016 දීය. ඒ Billboard Women In Music හි 2016 මියැසි ගැහැනිය ලෙස සම්මානයට පාත්‍ර වෙමිනි. ඇය ඊළග අවුරුද්දේ සිය 60 වැනි උපන්දිනය සැමරුවේ මොරොක්කෝවේ දුප්පත් දරුවන් අතර ඔවුන් සතුටු කරමිනි. අප්‍රිකාවේ දුගී රාඡ්‍යයක් වන මලාවිහි ඇය අංග සම්පුර්ණ රෝහලක් ඉදිකලාය. ‘‘ අපි එක්ව මලාවි සංවර්ධනය කරමු ‘‘ යනුවෙන් මැඩෝනා සිය FB ගිනුමේ මිතුරන්ගෙන් උදවු ඉල්ලා සිටියාය. 

ඇය නැවත එක්සත් ඡනපදයට ගියේ මලාවි රාඡ්‍යයේ අනාථ දරුවන් 4 දෙනෙක්ද සමගය. ඔවුන්ට දැන් මැඩෝනා යනු ආදරණිය මවකි. මේ ගැහැණිය සිය ඡීවිතය ගොඩ නගාගත්තේ මල්පොකුරු මත නොවෙන බව 2016 Billboard Women In Music හි සම්මානය ලබමින් කල කතාව  කියා සිටියාය .

‘‘ දන්නවද මැඩෝනා කියන්නේ 1970 ගණන් වල බොහෝම දුප්පත් අසරණ කාත් කවුරුවත් ආරක්ෂාවට නැති හුදෙකලා ගැහැණියක්. ඉතින් 1979 එක දවසක් මිනිස්සු වගයක් මගේ ගෙට කඩා වැදිල මගේ ඔලුවට තුවක්කුව තියල ඊට පස්සෙ පිහියක් බෙල්ලට තියල පඩිපෙලෙ දිගේ බැල්කනියට ඇදන් ගිහිල්ල මාව දූෂණය කලා.
මම යන්තන් ජනප්‍රිය වෙන්න ගන්නකොටම මම මගේ නිරුවත් ඡායාරූප Playboy සහ Penthouse සගරා වලට වික්කා. මොකද ඇත්තටම ඒ ඡායාරූප වලට මම පෙනී හිටියෙ මගේ කලා විද්‍යාලයේ ඉගෙන ගන්නකොට අවශ්‍ය මුදල හොයා ගන්න. ඒ වගේම මම හිටපු තටිටු නිවාසෙ ගේ දිගින් දිගටම හොරු කැඩුව. පස්සෙ මම ගෙදරට යතුරු දාන්නෙ නැතිව නිකන්ම දෙර වහල ආව ඒකෙන් මම ඉගෙනගත්ත ආත්ම විශ්වාසය හැර ඡීවිතයට වෙන ආරක්ෂාවක් නෑ කියල..

1980 සහ ඊලග වසර කිහිපය ඇතුළෙ මට උදවුවට හිටපු සියළුම මිතුරන් නැතිවුණා. එක්කො ඒඩ්ස්, නැත්තං මත්ද්‍රව්‍ය එහෙමත් නැත්නමි වෙඩි තියලා.වසර ගණනාවකට පසු මම දික්කසාද වූ සහ තනිකඩ ගැහැණියක් - කණගාටුයි කියන්න ෂෝන් - මම මගේ එරොටිකා ගී ඇල්බමය සමග මගේ ලිංගික පොත මුදා හැරියා ඊට පස්සෙ සෑම පුවත්පතකම සහ සඟරාවක සිරස්තලය වුනා වුණේ මාව. පෘථිවියේ වඩාත්ම වෛරයට පාත්‍ර වූ තැනැත්තා මමද කියල හිතෙන තරමට ඔවුන් මා ගැන ලියූ සෑම දෙයක්ම නින්දිතයි කැතයි . ඔවුන් මාව ගණිකාවක් හා මායාකාරියක් ලෙස හැඳින්වු අතර එක් සිරස් තලයක් මා සාතන්ට සමාන කළා. ."කාන්තාවන්ට පිරිමින්ට සමාන නිදහසක් නොමැති බව මම සැබවින්ම තේරුම් ගත් පළමු අවස්ථාව තමයි ඒක." මම හිතනවා මේ සියලු අනපේක්ෂිත අභියෝගයන් විසින් ඔබ ඉදිරිපිට මේ හිටගෙන ඉන්න නිර්භීත මැඩෝනාව බිහිකිරීමට දායක වුනා කියල.මා ගැන සැක පහළ කළවුන්, සෘණාත්මක අදහස් පළකළවුන් මෙන්ම මට අපාය පෙන්වීමට උත්සාහ කළවුන් ‘‘ උඹට බෑ මැඩෝනා. උඹ අපේ පාරෙන් අයින්වෙයන් මැඩෝනා " යි මට කිවුවා. උන්ගේ විරෝධය මාව ශක්තිමත් කළා, එමගින් මාව ඉදිරියට තල්ලු කළා, ඔබට පේනව ඇති එය විසින් අද දවසේ මම නැමැති සටන්කාරිය බිහිකරල තියෙන හැටි.අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වයසට නොයන්න. මොකද ගැහැණියකට වයස කියන්නේ ශාපයක්. ඔබව විවේචනය කරාවි, ඔබව හෙලා දකිවී ඒ වගේම අනිවාර්යෙන්ම ඔබේ ගීත රේඩියෝවේ වාදනය නොවේවි! යනුවෙනි.
 
අන්තර්ජාලයෙන්
Image may contain: 1 person, night
Image may contain: 1 person, smiling, closeup
Image may contain: 2 people, closeup
Image may contain: 2 people, hat and child
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top