Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 01
1,300
Views
මේ මතකය මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා... 

ඔහුව දවසකට හරි සතුටින් තැබූ සියලුම දෙනාට ස්තුතියි..

ආදරය කියන්නේ අපුරූ බැදීමක්. එම බැදීම් හරිම ශක්තිමත් අවංක ආදර තුළ. ඒ වගේ අවංක ආදරයක් දුක්ඛිතව අවසන් වූ සංවේදී කතාවක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මේ පුවත වාර්තා වෙන්නේ නවසීලන්තයෙන්.
 
Navar Herbert කියන්නේ වයස අවුරුදු 22ක තරුණයෙක්. ඔහු එරට ක්‍රීඩා සමාජයක පාපන්දු ක්‍රීඩකයෙක්.
 
ඔහුට ඔහුගේ සිතුම් පැතුම් තේරුම් ගෙන ආදරය කරන යුවතියක් මුණගැහෙනවා. ඇය නමින් Maia.

සමවයසේ පසු වූ මේ දෙදෙනාගේ ආදරයට තවත් සාමාජිකයෙක් එකතු වෙනවා. ඒ මොවුන්ගේම ලේවලින් උපන් ආදරණිය පුතෙක්. නමුත් මොවුන් දෙදෙනා විවාහ වෙලා හිටියේ නැහැ.
 
ඔය අතරතුර Navar විටින් විට අසනීප වෙනවා. එයට හේතුව බලන්න රෝහල්ගත වූ ඔවුන්ට අසන්න ලැබුණේ දුක්ඛිතම ආරංචියක්. ඒ ඔහු මොළේ පිළිකාවකින් පසුවන බව.
 
ටික දිනයක් යන්නට මත්තෙන් ඔහු අසාධ්‍ය වෙනවා. ඒ බව දැනගත් ඔහුගේ පෙම්වතිය ටික දවසකට හෝ ඔහුගේ බිරිඳ වෙන්න හිතනවා. අසාධ්‍ය පෙම්වතාව සතුටින් අවසන් ගමන් යවන්න අවශ්‍ය නිසා ඔහුව පුදුම කරමින් පසුගිය සඳුදා දින නිවසේ ඉතා චාම්ව විවාහ උත්සවයක් සංවිධානය කර ඔහුගේ මනමාලිය වෙනවා.
 
අවසානයේ ඇය ඔහුගේ ආදරණිය බිරිඳ බවට පත් වෙනවා. නමුත් ඔහුගේ බිරිඳ ලෙස ඔහු සමඟ ජිවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ දින හතරක් පමණයි. ඔහු පසුගිය බ්‍රහස්පතින්දා සියල්ලන් හඬවා සියල්ලන් තනිකර මතකයන් පමණක් ඉතිරි කර ජිවිතයෙන් සමුගත්තා. අද ඔහුගේ ආදරණිය බිරිඳ හා පුතනුවන් තනිවෙලා. ඒ ගැන ඔහුගේ ආදරණිය බිරිඳ කියන්නේ මෙහෙම කතාවක්.
 
"අද මට හරිම දුක හිතුනු දවසක්, හදවතට හරි මහන්සියි... මට නැතිවුණේ මගේ හොඳම යාළුවා වගේම හොඳම සැමියා.. ඒ වගේම මගේ පුතාගේ තාත්තා... අපේ ජිවිතවල එයාගේ මතකයින් තියේවී... මේ මතකය මගේ හදවතේ විශේෂ තැනක් ගන්නවා... ඔහුව දවසකට හරි සතුටින් තැබූ සියලුම දෙනාට මම ඔහු වෙනුවෙන් ස්තුති කරනවා. මම ඔහුගේ මතක එක්කම ජිවත් වෙනවා.."යනුවෙනුයි.

යි.




 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top