Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
526
Views
ශ්‍රී ලංකාව වසර 20ක් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය තුල එංගලතය පරදවා තිබෙනවා. මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියේදිත් බොහෝ දෙනා නොසිතූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම ඔවුන්ගේ නිජ බිම තුලදීම විශිෂ්ඨ ලෙස පරාජයට පත් කළා.
එම තරඟයේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු 3ක් තුළ ක්‍රිඩා ගාරයට යවන්නට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුවද ඉන් අනතුරුව පිටියට පැමිණි නවක ක්‍රීඩක අවිෂ්ක පනාන්දු පීඩනයත් සමග සාර්ථකව පන්දුවට පහර දෙමින් පන්දු 39ක් තුලදී වේගවත් ලකුණු 49 ලබාගනිමින් ශ්‍රී ලංකා පිලට එල්ලවෙමින් තිබූ පීඩනය අවම කරන්නට සමත් වුණා.

එම ඓතිහාසික තරඟයෙන් අනතුරුව ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක එරට හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන රොබින් උත්තප්පා අවිෂ්ක ප්‍රනන්දුගේ ඉනිම ගැන අදහස් දක්වා තිබුණා.

ඔහු කියා සිටියේ අවිෂ්ක ප්‍රනාන්දු අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ නිත්‍ය ක්‍රීඩකයෙකු වශයෙන් ඉදිරියේද නියෝජනය කරනු ඇති බවත් ඔහුගේ පිති හරඹය ශ්‍රී ලංකාවෙන් බිහිවූ අති දක්ෂ පිතිකරුවෙක් වන අරවින්ද ද සිල්වාට හා සමාන බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් උත්තප්පා කියා සිටියේ අරවින්ද ද සිල්වා ගේ පිතිකරණයේ දකින්නට ලැබෙන පාද චලනය සහ පිත්ත වෙත පන්දුව ලබා ගැනීම වැනි වු පිතිකරණයේ තාක්ෂණික ලක්ෂණ අවිෂ්කගේ පිතිකරණයේ දී ද දක්නට ලැබෙන බවයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top