Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
805
Views
කලක් ෂාහිඞ් කපූර් ගේ පෙම්වතියව සිටි ප්‍රියංකා චොප්රා ඇගේත් නික් ජෝනාස්ගේත් විවාහ මංගලෝත්සවයට ඔහුට ආරාධනා කළාය.

ඔහු බොහෝ කැමැත්තෙන්ම එයට සහභාගි වූයේය. එහෙත් ඔහුගේ තවත් පෙම්වතියක වූ කරීනා කපූර්ගේ විවාහ උත්සවයට ඔහු සහභාගි වූයේ නැත.

‘‘කරීනා, සායිෆ් අලි ඛාන් එක්ක දැක්කම හිත රිදෙන හින්දද ඒ උත්සවේට සහභාගි වුණේ නැත්තෙ..?’’

එක්තරා වැඩ සටහනකදී ෂාහිඞ්ගෙන් අසනු ලැබිණි.

‘‘ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි.. කරීනා එයාගෙ වෙඩින් එකට මට ආරාධනා කරලා තිබ්බෙ නෑ.. එහෙම තිබ්බානම් මම නොගිහින් ඉන්නෙ නෑනෙ..’’ ඔහු කීවේය.

වසර කිහිපයක් තිබූ ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය 2007 දී බිඳ වැටුණ අතර 2012 දී කරීනා, සායිෆ් අලි ඛාන් සමඟ විවාහ වූවාය. ඇයට දැන් දරුවෙකු සිටින අතර මිරා රාජ්පුත් සමඟ විවාහ වූ ෂාහිඞ්ට දරුවන් දෙදෙනෙකි.

‘‘කෙල්ලෙක් හින්දා මම ඉස්සර වෙලාම හිත රිද්දා ගත්තේ ඉස්කෝලේ යන කාලෙ..’’

ඒ වැඩ සටහනේදීම ඔහු පැවසුවේය.

ඒ කාලේ ඔහුගේ පන්තියේ සිටියේ ගැහැනු ළමුන් හතර දෙනෙකි. මෙයින් එක්් යුවතියක් කෙරෙහි ෂාහිඞ් ගේ සිත බැඳිණි. එහෙත් තමා පන්තියේ ජනප්‍රිය සිසුන් අතර නැති බැව් ඔහු වටහාගත්තේ ඇය ඔහු ප්‍රතික්ෂේප කළ විටය. වෙනෙකක් තබා එකම පන්තියේ සිටියත් ඇය ඔහු ගැන වැඩි තොරතුරු කිසිවක් දැන සිටියේත් නැත. එම ප්‍රතික්ෂේප වීම තුළින් ඇති වූ වේදනාව සෑහෙන කලක් යන තුරු ඔහුගේ සිතට වද දුන්නේය. ගැහැනු ළමයෙකු නිසා ඇති වූ ප්‍රථම සිත් බිඳීම එය බැව් ෂාහිඞ් කියන්නේය. හයිදර්, උද්තා පන්ජාබ්, පද්මාවත් වැනි චිත්‍රපටිවල රඟ පෑ ෂාහිඞ් ගේ අලූත්ම චත්‍රපටිය කබීර් සිංය. මෙය ඔහුගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානයක් ද වන්නේ ඔහු එදාමෙදාතුර ඔහු රඟ පාන පූර්ණ වාණිජ චිත්‍රපටිය වීම නිසාය. එය අර්ජුන් රෙඞ්ඩි චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයකි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top