Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
186
Views
සෑම අගහරුවාදා දිනකම රැස් වන අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

පෙරවරු 9.30 ට පමණ අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ වූ අතර, එහිදී වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.  

මේ අනුව, අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව, මඩකලපුව - පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් කර සැකසූ අවසන් වාර්තාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අනුව, එම විශ්වවිද්‍යාලයට මුදල් ලැබුණු ආකාරය මෙන්ම එහි ඉදිකිරීම් පිළිබද බරපතල ගැටළු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සෞදි රජය ද සම්බන්ධ කරගනිමින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් වහාම සිදුකළ යුතු බවට එම ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් නිර්දේශ කර තිබෙනවා. 

එම විමර්ශනය අවසන් වන තෙක් හදිසි නීතිය යටතේ අදාළ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නා ලෙසයි ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබුණේ.

මේ අතර, දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පසුගියදා සිදුකළ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව ද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top