Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
363
Views

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවඩිවෙම්බි ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි අනුරාධපුර යුගයට අයත් බවට සැලකෙන විශාලතම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගී ඇති ආරාම සංකීර්ණයෙහි කොටසක් විනාශ කර බෝග වගා කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.  

යුද්ධයෙන් පසුව නැඟෙනහිර පළාතේ කළ පුරාවිද්‍යා ගවේෂණයකදී 2018 වසරේදී මෙම ස්ථූපය සොයාගෙන ඇති අතර එම අවස්ථාවේදී මෙම ස්ථූපය ඩෝසර් කර තිබූ බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යවා ඇති බවත් පුරාවිද්‍යා ස්ථානයක් බව දැන දැනම ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත මේ වන විට එම ස්ථානයෙහි කිසියම් පිරිසක් වැටක් ගසා මිරිස්, මෑ, බටු වැනි ශාක වගා කර ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති. 

 මීටර් 32ක් පමණ විෂ්කම්භයක් ඇති මෙම ස්තූපයට අමතරව ඉපැරැණි ගොඩනැඟිලි හතක අවශේෂ හඳුනා ගත හැකි අතර ස්තූපයට නැඟෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැඟිලි කිහිපයක් ද දක්නට ලැබෙන බව වාර්තා වේ.

විසිරී පවතින නටබුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ දෙක හා තුන සියවස්වලට අයත් වෙතැයි අනුමාන කළ හැකි බවත් ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් සහ කැටයම් රහිත ස¼දකඩපහණක් දක්නට ඇති බවත් ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්තේ‍රා්පකරණ මාර්ගයෙන් ඉවත් කර ඉඩමේ කෙළවරක ගොඩගසා තිබෙන බව පුරාවිද්‍යා ආරංචි මාර්ග කියයි. 

 ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිරී පවතී. භුමිය පුරා රක්ත වර්ණාලේපිත මැටි බඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිරී පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.

 මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී.මණ්ඩාවල මහතා කියා සිටියේ ඩෝසර් කළ බව කියන මෙම ස්තූපයට අදාළ සිදුවීම පැරැණි එකක් වන බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන හෝ එම ස්ථානයෙහි තත්ත්වය හෝ තමන් නොදන්නා හෙයින් ඒ පිළිබඳව ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර නිලධාරීන්ගෙන් වාර්තාවක් ලැබුණු පසුව යමක් පැවැසිය හැකි බවයි.

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top