Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
532
Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති 31 වන තරඟයේ ජය ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. 

ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 62කින් පරාජයට පත් කරමින්. 

සවුතැම්ප්ටන් හිදී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

ඒ අනුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 262ක්. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දු වාර 47ක් අවසානයේ සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි. 

එම තරඟය ජය ගැනීමත් සමඟ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පැමිණි අතර, එම ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

මේ අතර, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 32 වන තරඟය එංගලන්තයේ ලෝඞ්ස් හිදී අද පැවැත්වෙන්නේ එංගලන්තය සහ  ඕස්ට්‍රේලියාව අතරයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top