Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 25
853
Views
ජුනි 16 ලෝකයටම විශේෂ දවසක්. මේ මාසෙනම් පොසොන් පෝය වැටුණෙත් මේ කියන දවසෙමයි. නානාප්‍රකාර දින අවුරුද්දේ හැම දවසකම වෙන් කරලා තිබුණත් මෙන්න මේ කියන්න හදන ජුනි 16 වැනිදා වෙන් කරලා තියෙන්නේ ලෝකයේ පියවරුන් වෙනුවෙනුයි. මෙන්න මේ පියවරුන්ගේ දවසේ බොලිවුඩයේ ඉන්න සුපිරි  තාත්තලා ගැන ඔබට කියන්නයි මේ සූදානම් වෙන්නේ. 

තිරයේ ජීවිතය තුළ මේ කට්ටිය තරම් නොපසුබට උත්සාහයක් තියන වගකීම් ඉටු කරන යහපත් කට්ටිය මේ ලෝකේ තවත් නැහැනේ. ඉතින් මේ කට්ටියගේ සැබෑ ජීවිතේ ඒගොල්ලො පියවරුන් විදියට තමන්ගේ යුතුකම් වගකීම් ඉටු කරන්නේ කොහොමද කියලයි මේ කියන්නේ

01. ආක්ෂය කුමාර්
රිදී තිරයේ බොහොම භයානක සටන් ක්‍රම සහ අනතුරුදායක කාර්යවල නිරතවෙලා ප්‍රේක්ෂකයන්ගේ හිත් අමන්දානන්දයට පත් කරලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගන්නා ආක්ෂය කුමාර් සැබෑ ජීවිතයේදී බොහොම වගකීම් දරන පියෙක්. ආක්ෂය ඔහුගේ පුතු ආරව් සහ දුව නිතාරාව ප්‍රසිද්ධියට පත්වෙන්න නොදී රැකබලා ගන්න කෙනෙක්. ඒත් ඔහු ඒ තමන්ගේ ආදරණීය දුවගේ සහ පුතාගේ ඡායාරූප නිතරම පාහේ සෝශල් මීඩියාවලින් ශෙයාර් කරනවා. ආක්ශය ඔහුගේ (බොහෝ කාර්යබහුල) කොහොමහරි කාල වෙලාවක් ඔහුගේ දරුවන් වෙනුවෙන් වෙන් කරගන්න අමතක කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහු තමන්ගේ පුතාගේ ආරව් කියන නම ඔහුගේ පිටේ ටැටූ එකක් ගහගෙන ඉන්නේ.






02. ශාරුක් ඛාන්
ආර්යන් පුතා සුහානා දියණිය සහ අබ්රාම් පුතුගේ පියා ශාරුක් ඛාන් කියන්නේ නිසැක වශයෙන්ම බොලිවුඩයේ ඉන්න කූල්ම ඩැඩී කියලා කියන්න පුළුවන්. චූටි පුතු අබ්රාම්ට කතා කියලා දෙන එකේ ඉඳන් සුහානා සහ ආර්යන්ගේ කොලේජ්වල ඉවෙන්ට්ස්වලට සහභාගී වෙන එක දක්වා ශාරුක් තාත්තා තමන්ගේ කර්තව්‍ය කිසිම හේතුවක් නිසාවත් මගහැරෙන්න දෙන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ශාරුක් තමන් හා දරුවන් අතර තියෙන සම්බන්ධය ගැන මෙන්න මෙහෙම කියලා තියෙනවා. මට වැඩිපුර යාළුවන් නැහැ. මගේ දරුවන් තමයි මගේ ළඟම මිතුරන් වෙන්නේ. ඒගොල්ලෝ තමයි මගේ හොඳම යාළුවන්. මම ඒගොල්ලොත් එක්ක මගේ ලොකුම රහස් මගේ සතුට විතරක් නෙවෙයි මගේ දුකත් බෙදා ගන්නවා.



03. අභිෂේක් භච්චන්
අභිෂේක් බච්චන් කියන්නේ ගොඩාක් ආරක්ෂාකාරී පියෙක්. ඔහු ආරධ්‍යා දුවගේ පුංචිම පුංචි සතුට ගැනත් හොයලා බලලා ඇයව සතුටින් තියන්න උත්සාහ කරන තාත්තා කෙනෙක්. ආරධ්‍යාව තමන්ගේ සිනමාපටවල ෂූටිං කරන තැනට එක්කන් යන්නේ ඇයත් එක්ක වැඩි වෙලාවක් ගත කරන්න ඕන නිසාමයි. අභිෂේක් සතුටෙන් ආරාධ්‍යාගේ හැම වැඩක්ම කරන කෙනෙක්. මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පියෙක් විදියට ජීවිතය විඳින්නේ මෙන්නේ මෙහෙමයි කියලා තමයි අභිෂේක් නම් කියලා තියෙන්නේ. ශූටිංවලට ආවත් ගෙදරින් මොන දේට හරි එළියට බැස්සත් මට හැමදේටම කලින් දකින්න ඕන ආරධ්‍යාවයි. තාත්තා කෙනෙක් වෙන සතුට මොකක්ද කියලා දැනගන්න වෙන්නේ ඔයා අපි හැමෝම තාත්තා කෙනෙක් වුණාමයි. අභිෂේක් කියන විදිහට හිතන විදිහට දරුවෙක් බලා කියාගන්න එක මවකගේ විතරක් වගකීමක් නෙවෙයි. මව සහ පියා කියන දෙන්නම එකතුවෙලා ඒ වගකීම ඉටු කරන්න ඕන කියන එක තමයි ඔහුගේ අදහස.



04. ආයුශ්මාන් ඛුරානා
බොහෝ දක්ෂතා තියෙන නළුවෙක් වන ආයුශ්මාන් ඛුරානා කොච්චර වගකීම් දරන ශ්‍රේෂ්ට නළුවෙක්ද ඒ තරමටම ඔහු ආදරණීය යහපත් පියෙක් ද වෙනවා. ආයුශ්මාන් ඛුරානට ආදරේ හිතෙන හුරතල් දරුවෝ දෙන්නෙක්ම ඉන්නවා. විරාජ්වීර් සහ විරුෂ්කාගේ තාත්තා තමයි ආයුශ්මාන් ඛුරානා කියන්නේ. සෝශල් මීඩියාවලින් පියකුගේ හැඟීම් ආයුශ්මාන් මෙන්න මෙහෙම තමයි ශෙයාර් කරලා තිබුණේ. මම ගොඩාක් බලාපොරොත්තු තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් මගේ දරුවන් මට මගේ ජීවිතයේ අරමුණ දෙනවා. මට ඔවුන්ගේ ජීවිතයේ නියම හීරෝ වෙන්න ඔවුන් තමයි මට අභිප්‍රේරණය දෙන්නේ.



05. රිතික් රෝෂන්
බොලිවුඩයේ සුපර් හීරෝ රිතික් රෝෂන් තමන්ගේ බිරිඳ සුසේන් ඛාන්ගෙන් දික්කසාද වුණානේ. නමුත් පියකුගේ රූපයෙන් ඔහු තවමත් තමන්ගේ වගකීම් ඉටු කරන්න පසු බහින කෙනෙක් නෙවෙයි. ඔහු තමන්ගේ පුතුන් දෙන්නා වන රේහාන් සහ රිධාන් එක්ක වැඩිපුර කාලයක් ගෙවන්න ඕන නිසාම විවිධ රටවල ඔවුන් දෙන්නත් එක්ක ඇඩ්වෙන්චර් ට්‍රිප් එක්කගෙන යනවා. රිතික්ගේ සෝශල් මිඩියා ගිණුමේ ඒ අවස්ථාවල් පිරිලා තියෙන ඡායාරූප ඒකට මනා සාක්ෂියක් සපයනවා. ඔබට පුදුම හිතෙන දෙයකුත් රිතික් ගැන කියන්න තියෙනවා. ඔහු තම දරුවන්ගේ මානසික ශක්තිමත්භාවය වැඩි කරන්න හාස්‍යජනක කතන්දර සහ නොයෙකුත් කතා ලියන කෙනෙක් කියලා කියන්න ඕන.




06. ශාහීද් කපූර්
චොක්ලට් වීරයෙක් විදිහට සඳහන් කරන ශාහීද් කපූර් තනිකරම ෆැමිලි මෑන් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඔහු ආදරණීය හුරතල් දරුවන් දෙන්නෙක් වන මීශා සහ ජේන් කපූර්ගේ තාත්තනේ. ශාහිද් තමන්ගේ දුව මීශා ඉපදෙන වෙලාවේ පීතෲ නිවාඩු ලබාගෙන තමන්ගේ බිරිඳ මීරා කපූර් ගාවටම වෙලා හිටිය තාත්තා කෙනෙක්. ඒ ගැන ශාහිද්ම මෙන්න මෙහෙම කියලා තියෙනවා. මීරා අවුරුදු 22න් අම්මා කෙනෙක් වුණා. එයාට මාව වගේම මගේ සහයෝගයත් අවශ්‍ය වුණා. ඒක හින්දා මම එහෙම කළා. තාත්තා කෙනෙක් වුණාට පස්සේ ජීවිතයේ බොහෝ දේවල් ගොඩාක් වෙනස් වුණා. මම කලින්ට වඩා පරිණත වුණා වගේම වගකීම් දරන කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ මටත් නොදැනීමයි.



07. රිතේෂ් දේශ්මුඛ්
රිතේෂ් දේශ්මුඛ්ට රිහාන් සහ රාහේල් කියලා පුතුන් දෙදෙනෙක්ම ඉන්නවා. ඔහුගේත් සෝශල් මිඩීයා ගිණුම ඔහුගේ දරුවන්ගේ ඡායාරූපවලින් පිරිලා තියෙනවා. රිතේෂ් ඔහුගේ දරුවන් එක්ක වැඩිපුර වෙලාවක් ගත කරන්නයි බොහෝ කැමැත්තක් දක්වන්නේ.



08. කරන් ජෝහර්
කරන් ජෝහර් කියන්නේ නළුවෙක් නම් නෙවෙයි. ඒත් ඔහු ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ජීවමාන හස්තියෙක්. ඔහු සිනමාපට තනන්නෙක් බව නළුවෙක්ට වඩා ඔහු ගැන ඔබ අපි හැමෝම දන්නවනේ. කරන් කියන්නෙ අතුෂාර් වගේම සිංගල් ෆාදර් කෙනෙක්. ඒ කොහොමද කියලා ඔබ බලනවා ඇති නේද? ඒක ටිකක් නුහුරු දෙයක්නේ. නමුත් අද වෙනකොට අවිවාහක අයත් බබාලා හදනවා. කරන් විවාහ වෙලා නැති වුණත් යශ් සහ රූහි කියන දරුවන් දෙන්නගේ තාත්තා කරන් ජෝහර්. ඒ දෙන්නා ඉපදුණේ සෙරෝගේසි තාක්ෂණය හරහායි. ඒ දරුවන්ගේ මවක් ගැන සඳහන් නොවන අතර එයලා දෙන්නගේ අම්මත් තාත්තත් දෙන්නම කරන්. නමුත් වැඩ රාජකාරි බහුල කාර්යබහුල ජීවිතයක් ගත කරන කරන් ජෝහර්ගේ දරුවන් දෙන්නා බලා කියාගන්න ඔහුට උදවු වෙන්නේ ඔහුගේ අම්මා. කරන් නිතරම පාහේ සෝශල් මීඩියාවලින් තමන්ගේ දරුවන්ගේ ඡායාරූප සහ විඩියෝ ශෙයාර් කරනවා. මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර තාත්තා කෙනෙක් වුණු තමන් ගත්ත තීරණය ගැන කරන් මෙන්න මෙහෙම කියලා තියෙනවා. කලින් මගේ ජීවිතයේ මම ගොඩාක් තනිකමින් පාළුවෙන් හිටියේ. ඒක දුරස් කළේ මගේ දරුවන් දෙන්නා. ඒ දෙන්නගේ තාත්තා වගේම අම්මත් මමයි. ඇත්තම කියනවනම් මේ චරිතය ගොඩාක් අභියෝගවලින් පිරුනු එකක්. ඒත් මම ඒ වගකීම උපරිමයෙන් ඉටු කරන්න උපරිමයෙන්ම උත්සාහ කරනවා.



09. අමීර් ඛාන්
දාංගල් සිනමාපටයට අනුවනම් අමීර් ඛාන් නරක නපුරු හානිදායක තාත්තා කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කළා. ඒත් ඔහු සැබෑ ජීවිතයේදී ගොඩාක් හැඟීම්බර තාත්තා කෙනෙක්. අමීර්ට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ඔහු ඔවුන් තුන්දෙනාව මාධ්‍යවල හෙවනැල්ලකටවත් වැටෙන්න නොදී ඒවායින් දුරස් කරලා තියනවා. ඒත් අමීර් අවස්ථාවක් ලැබුනු ගමන් ඔවුන්ගේ ඡායාරූප සෝශල් මීඩියාවලින් ශෙයාර් කරනවා. අමීර් තමන්ගේ දරුවන්ට ඔවුන් කැමති වෘත්තියක් තෝර ගන්න පූර්ණ නිදහස දීලා තියෙන්නේ. පළමු විවාහය බිඳී යාමෙන් ඔවුන් බොහොම බය වුණත් ආමීර් ඔවුන්ව තමන්ගේ සමීපයටම අරගෙන ඉන්නේ.



10. තුෂාර් කපූර්
බොලිවුඩයේ කූල්ම ඩැඩීලගේ ලිස්ට් එකට තුෂාර් කපුර් ද ඇතුළත් වෙනවා. නමුත් ඔහුත් සිංගල් ෆාදර් කෙනෙක් කරන් ජොහාර් වගේම. තුෂාර්ගේ පුතා ලක්ශ්‍යට දැන් අවුරුදු දෙකක් වෙනවා. තුෂාර් අම්මා සහ තාත්තා කියන දෙන්නගේම වගකීම ඉටු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සම්පූර්ණ දින චර්යාවේම ලක්ශ්‍ය පුතා කොටසක් වෙනවා. ඔහුට අවශ්‍ය තමන්ගේ පුතා එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නයි.




11. අර්ජුන් රාම්පාල්
ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳම හැන්ඩ්සම් නළුවා වගේම අර්ජුන් රාම්පාල් කියන්නේ දූවරුන් දෙන්නෙක්ගේ පියෙක්. ඔහුගේ දියණියන් වෙන්නේ මිහිකා සහ මායරා රාම්පාල්. අර්ජුන් රම්පාල් තමන්ගේ බිරිඳ මේහර් ජේසියාගෙන් වෙන්වෙලා ජීවත් වෙන්නේ. ඒත් තමන්ගේ දියණියන් දෙන්නා වෙනුවෙන් ඔහු ඔහුගේ කාලයෙන් වැඩිපුර කාලයක් වෙන් කරනවා. ඔහු තම දියණියන්ගේ නම් තමන්ගේ අතේ ටෑටූ (පච්ච) එකකිනුත් ගහගෙන ඉන්නේ. ඔහු ආපහු පියෙක් වෙන්න යන බව අර්ජුන් කියනවා. මොකද මේ වෙනකොට ඔහුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.



12. සයිෆ් අලී ඛාන්
බොලිවුඩයේ කූලස්ට්ම ඩැඩි කවුද කියලා හොයලා බලද්දී ස්වභාවිකවම උඩටම එන්නේ තායිමූර් අලී ඛාන්ගේ තාත්තා සායිෆ් අලී ඛාන්ගේ නම. සයිෆ් අලී ඛාන් තායිමූර් වගේම සාරා සහ ඊබ්‍රාහිම්ගේත් තාත්තනේ. එයාලත් එක්ක සායිෆ් ඉන්නේ යාළුවෝ වගේ. සායිෆ්ගේ ලොකු දෝණි සාරා බොලිවුඩයට මේ වෙනකොටත් පා තබා අවසන් ඒ ගැන ඊබ්‍රාහිම් ඉගෙන ගනිමින් සිටිද්දිම. සායිෆ් තමන්ගේ පිය භූමිකාව ගැන මෙන්න මෙහෙම මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තියෙනවා. දරුවන්ගේ ඩයපර් එක මාරු කරන එක ගැන කියන එක දැන් පැශන් එකක් බවට පත්වෙලා. ඒ දේ නොකරන කෙනෙක් නැහැනේ. හැමෝම ඒක කරනවා. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ලොකු දෙයක් වෙන්නේ දරුවන් එක්ක සම්පූර්ණ දවස ඉන්න එකයි. තව ඔවුන්ව බලා ගන්න එකයි. අපි වාසනවාන්තයි එහෙම කරන්න අපිට පුළුවන් එක ගැන.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top