Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
1,149
Views
කිරින්ද - යාල මුහුදේ ගිලී මියගිය හැටන් ප්‍රදේශයේ එකම පවුලේ පියා සහ දියණියන්  දෙදෙනාගේ අවසන් කටයුතු හැටන් - කුඩාගම පොදු සුසාන භූමියේදී හෙට සිදු කෙරෙනවා. 

මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණ  මේ වනවිට දෙබරවැව මූලික රෝහලේ මෘත ශරීරාගාරයේදි සිදු කෙරෙන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක නිරතවෙමින් සිටියදී කිරින්ද - යාල වෙරළ තීරයේ රළ පෑගීමට ගිය එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා මෙලෙස රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගියේ ඊයේ උදෑසනයි. 

සිද්ධියෙන් පියා සහ දියණියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, මව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාරුකර යැවුනේ් අම්පාර මහ රෝහලටයි. 

කෙසේ වෙතත් ඇය තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි අම්පාර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් විජේනායක කියා සිටියේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top