Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
525
Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර ලෝඩ්ස් හීදී පැවැති තරගයේදී ලකුණු 49 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත් වුණා. ඒ අනුව තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමේ  දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් බලාපොරොත්තුවත් සුන්වී ගියා.

පකිස්තානය වෙනුවෙන් Haris Sohail හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් පන්දු 59 කදී ලකුණු 89 ක් ලබාගන්නා අතරේ Babar Azam ක්‍රමාණුකූලව ලකුණු 69 ක් ලබා ගත්තා.දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 81 ක්.

කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක Sarfaraz Ahmed පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

1992 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් ක්ෂේත්‍රයට පිවිසි දකුණු අප්‍රිකානුවෝ එදා සිට සෑම ලෝක කුසලාන තරගාවලියකදීම පාහේ Super 8 වටයට පිවිසුනා.

එහෙත් ඊයේ තරගය පරාජය වීමත් සමග බලාපොරොත්තු වූවාටත් වඩා වේලාසනින්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප්‍රිකානුවන්ට සිදුවුණා. 

තරඟයේ වීරයා Haris Sohail
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top