Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
639
Views
මිහිදන් කර තිබූ මළ සිරුරක්  දින 28කට පසුව අතුරුදන්වීමේ පුවතක් ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ නිකවැහැර, පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. 

ගලේවෙල පොලීසියට අද (24) දින ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී ගලේවෙල, පල්ලෙවෙල ප්‍රදේශයේ මුස්ලිම් සුසාන භූමියක මීට දින 28කට පෙර මිහිදන් කළ අයෙකුගේ මළ සිරුරක් මෙලෙස අතුරුදහන්ව ඇති බවයි දැනගන්නට ලැබී ඇත්තේ.

එම මළ සිරුර සොයා ගැනීම සඳහා සුසාන භූමියේ මෑතකදී මිහිදන් කළ තවත් මිනී වළවල් දෙකක් හාරා තිබෙන බවයි පොලීසිය පවසන්නේ .
 
පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකර බැලීමේදී ගොඩගත් මළ සිරුර ඇල පහරක් දිගේ මීටර් දෙසීයක පමණ දුරකින් පිහිටි මුරුංගා වගා කර ඇති හේනක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ බවයි  පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගලේවෙල පල්ලෙවෙල ප්‍රදේශයේම පදිංචිව සිටි හබිබී ලෙබ්බේ මන්සූර් (50) හැවිරිදි අයකුගේගේ මළසිරුරක් බවට අනාවරණය වී තිබෙනවා.

මියගිය අයගේ ඥාතීන්වරයකු කියා සිටියේ උදෑසන තම ඥාතියාගේ මිහිදන් කළ භූමියේ වළක් හාරා ඇති බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂාකර බැලීමේදී එහි තැන්පත් කොට තිබූ මළ සිරුර නොමැති බව පොලිසියට දැනුම් දුන් බවයි.

පසුව පොලිසිය පැමිණ විමර්ශනය කිරීමේදී මළ සිරුරේ කොටස් ස්ථානයක පස්වලින් වසා දමා තිබෙන අයුරු දැක ගත් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කවුරුන් විසින් මෙය සිදු කළේ ද යන්න හෝ කුමක් නිසා මෙම මළ සිරුර ගොඩ ගත්තේ තියන්න නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකි බව පොලීසිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මළ සිරුර පිළිබඳව නැවතත් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව ගලේවෙල පොලිසිය සඳහන් කළා.

දැනට මළ සිරුර හමුවූ ස්ථානයට සහ සුසාන භූමියට පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top