Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
527
Views
“සෙක්ස් ඇන්ඩ් ෂොපින්” නම් ප්‍රබන්ධ කෘති ලියූ 91 හැවිරිදි නවකතාකාරිනිය ජුඩිත් ක්‍රන්ට්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

එක්සත් ජනපද කැලිෆෝනියා නුවර දිවි ගෙවූ ඇගේ මරණය ස්වභාවික හේතු නිසා සිදුවූවක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ජුඩිත්ගේ පළමු නවකතාව වූ “ස්කෘපල්ස්’ ඇය රචනා කළේ 50 හැවිරිදි වියේ දී ය. එසේම ඇය ජනප්‍රියත්වයක් අත්කරගත් “සෙක්ස් ඇන්ඩ් ෂොපින්” කෘති මිලියන 85 කට වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇති අතර භාෂා 50කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය කර තිබේ.

සඟරා කතුවරියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි ජුඩිත් රූපවාහිනී නිෂ්පාදකවරයෙක් වන ස්ටෙෆන් ක්‍රන්ට්ස් සමඟ විවාහ වුයේ 1954 දී ය. ප්‍රබන්ධ ලිවිම සඳහා ඔහු ඇය දිරි ගැන්වූ අතර ඇය ලියූ බොහොමයක් නවකතා තිරයට නැඟීමට ද කටයුතු කළේ ය.

Good Housekeeping සඟරාවේ විලාසිතා සංස්කාරක මෙන්ම Cosmopolitan සඟරාවේ සංස්කාරක ලෙස කටයුතු කළ ජුඩිත්ගේ නවකතා තමන්ගේම අත්දැකීම් අළලා ලියන ලද ඒවා යන්න ප්‍රකට කරුණකි. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top