Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
564
Views

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් ගත් 10 වන පන්දු යවන්නා ලෙස ඉන්දියානු ක්‍රීඩක මොහොමඩ් ශමි පසුගියදා සමත්වුනේ ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ක්‍රීඩා කරමින්. 

එහිදී ඇෆ්ඝනිස්ථානයේ අවසාන කඩුලු තුන දවාගනිමින් ශමි පරාජයේ දොරකඩ සිටි ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වුනා. කොහොම නමුත් මේ කඩුලු ත්‍රිත්වයත් සමග ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක කඩුලු ත්‍රිත්වයක් ලබාගත් දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට ශමිට හැකියාව ලැබුනා. එතකොට කවුද පළමු ක්‍රීඩකයා? ඒ තමයි චේතන් ශර්මා. 1987 වසරේ නවසීලන්තයට එරෙහිව ලෝක කුසලාන තරඟයකදී චේතන් විසින් මේ දස්කම සිදුකලා. 

කෙසේ නමුත් ශමිගේ කඩුලු ත්‍රිත්වයෙන් පසුව මීට වසර 30 කට පමණ පෙර වාර්තා වූ චේතන් ගේ කඩුලු ත්‍රිත්වයට නව ජීවයක් ලැබුණු බවට චේතන් විසින් මාධ්‍යට පවසා තිබෙනවා. තමන් මීට දශක තුනකට පෙර සිදුකල දස්කම් ශමි හේතුවෙන් ඉන්දීය ජනතාවට යලි පුනරාවර්ජනය වූ බවයි චේතන් මහත් සතුටින් පවසන්නේ.

53 හැවිරිදි ශමි සිය අතීතය සිහිපත් කලේ ලෝක කුසලාන තරඟාවලියක ප්‍රථම කඩුලු ත්‍රිත්වය වාර්තා කලේ තමන් බව පවසමින්. කෙසේ නමුත් මේ වනවිට ලෝක කුසලාන වල කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ඉන්දියානුවන් දෙදෙනෙක් සිටින බවයි ඔහු පවසන්නේ. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top