Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
1,038
Views

පසුගිය දිනවල ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංගගේ උදරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඉදිරියේ පළ කරමින් මත දැක්වූවන්ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඉන්ස්ටග්‍රෑම් තුළින් පිළිතුරු ලබා දී තිබේ. ඒ 'මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්වූවා.' යැයි සඳහන් කරමිනි.  

“පසුගිය වසර කිහිපයේම ඔහු ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතේ මේ වගේ දස්කම් දක්වලා තිබෙනවා. ඔහු උපරිම දක්ෂතාවල ඉන්නවා දකින එකත් සතුටක්. ඔහු අලුත් පන්දුවෙන් මෙහෙයුමක හිටියේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ජ්‍යෙෂ්ඨ තරගවලදී දස්කම් දක්වනවා. ඒක තමයි ඔහු කළේ. මෙම තරගයේදී රූට් සහ බට්ලර් දවාගැනීම තීරණාත්මකයි. ඔවුන් දවාගන්න බැරි වුණා නම් ඔවුන් එංගලන්තය ජයග්‍රහණය කරවන්නත් ඉඩ තිබුණා.

ඇත්තටම මේක අපි නොසිතු ජයග්‍රහණයක්. දැන් අවසන් පූර්ව වටයේ තරගකාරීත්වය තවත් වැඩි වුණා.මේක ලංකාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක්. ලෝක කුසලානයටත් හොඳ දෙයක්. අවසන් පූර්ව වටයේ අවස්ථා වැඩි වෙනවා. දැන් මුල් ස්ථාන හතරේ ඉන්න කණ්ඩායම් ඔවුනොවුන් එක්ක ක්‍රීඩා කරාවි. නවසීලන්තය බැලුවොත් ඔවුන්ට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය සමග තරග කරන්න තියනවා.

ඒ නිසා බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායමට තරග කීපයක් ජයග්‍රහණය කරලා ලකුණු ලබාගෙන ඉදිරියට පැමිණීමට මේක ලොකු අවස්ථාවක්" යනුවෙන්  මෙම ජයග්‍රහණය පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබුණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top