Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 24
958
Views
අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගවලින් අඩකට වැඩි සංඛ්‍යාවක් නිමවද්දී තරග හයකින් 5 ක් බැගින් ජයග්‍රහණය කළ නවසීලන්තය සහ  ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 1 වන සහ දෙවන ස්ථාන හිමිකරගැනීමට සමත්වී සිටිනවා. 

තුන්වන ස්ථානය තරග 5 කින් හතරක් ජයග්‍රහණය කළ ඉන්දියාවටත්, සිව්වන ස්ථානය තරග හයකින් 4 ක් ජයගත් සත්කාරක එංගලන්තයටත් හිමිවී තිබෙනවා. 

එම ප්‍රධාන කණ්ඩායම් 4 හැරුණු කොට පස්වන ස්ථානයේ සිටිමින් අවසන් පූර්ව වටයට ඇතුළත් වීමේ වැඩිම අවස්ථාවක් පවතින්නේ ශ්‍රී ලංකාවටයි.

කෙසේ නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පිල ඉදිරි තරග සියල්ල ජයගැනීම වැදගත්. 

ශ්‍රී ලංකාවට ඉදිරි තරගයේදී ඇත්තේ දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව යන ප්‍රබල කණ්ඩායම් සමඟයි. 

ශ්‍රී ලංකා පිලට අවම වශයෙන් ඉන් තරග 2 ක් ජය ගෙන ඉන් එකක් සම ලකුණු ලැබුවහොත් ඉදිරියට යාමේ අවස්ථාවක් පවතිනවා. 

එහිදී එංගලන්ත පිල ඔවුන්ගේ ඉතිරි තරග තුනෙන් දෙකක් හෝ පරාජය වීම අවශ්‍යතාවක්. 

එංගලන්තයට ඉදිරි තරග යෙදී ඇත්තේ  ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය සමඟයි. 

ඔවුන්ට අවසන පූර්ව වටයේ ස්ථානයක් සහතික කරගැනීමට නම් ඉන් තරග දෙකක් හෝ ජයගත යුතුයි.

ශ්‍රී ලංකාව හැරුණු කොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා බංග්ලාදේශය, පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඉතිරි තරග තුනම ජයගත යුතු අතර, එංගලන්තය ඉතිරි සියලූ තරගවලින් පරාජය විය යුතුයි. 

එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරි තරගවලදී දක්වන දස්කම් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කරනු ඇති.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට අදාළව පාකිස්ථානය සහ දකුණු අප්‍රිකාව, ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී අද තරග වදිනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top