Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 22
376
Views
ඉන්දුනීසියාවේ ගිනිකූරු කර්මාන්තශාලාවක ගින්නකින් 30 දෙනකු මියගොස්‌ තිබේ.මියගිය පිරිස අතර කුඩා දරුවෝ රැසක්‌ ද වෙති.විශාල ශබ්දයක්‌ සමඟ කර්මාන්ත ශාලාව පුපුරා ගොස්‌ තිබේ.
 
 දරුවන් විශාල ගණනක්‌ මිය යන්නට හේතුව කර්මාන්ත ශාලාවේ සේවය සඳහා කුඩා දරුවන් සේවයට ගෙන තිබීම බව පැවසේ. දැඩි ලෙස පිලිස්‌සීම නිසා බොහෝ මියගිය අය හඳුනාගැනීම ද දුෂ්කර වී තිබේ. දුර්වල ආරක්‍ෂක පියවර හේතුවෙන් ඉන්දුනීසියාවේ ගිනි ගැනීම් බහුලය.

අජිත් අලහකෝන් - අකිත පෙරේරා
 
මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටික්‌ලෝ කැම්පස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් ආයතනයට මුදල් ලැබීම්, ඉඩම් අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් සියල්ල නීති විරෝධීව සිදු කර ඇති නිසා ඊට වගකිවයුතු හිටපු ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඇතුළු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගත යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‌ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 
 
 මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව එම අධීක්‌ෂණ කාරක සභාව විසින් සිදු කරන ලද නිරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහාචාර්ය මාරසිංහ මහතා මේ බව කීවේය.
 
 මෙම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාළ වැරදිකරුවන් මේ වනවිට සිටිය යුත්තේ සිරභාරයේ බව කී හෙතෙම 2015.07.17 දින හිරා පදනම විසින් උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස ආයෝජන ව්‍යාපෘතියක්‌ හඳුන්වා දෙන බව පවසමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට පළමුව අයෑදුම්පත් ඉදිරිපත් කරමින් මෙම ෂරියා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ද කීය.
 
 මෙම ෂරියා විශ්වවිද්‍යාලයේ සභාපති සහ එවක ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා විසින් 2015.07.03 දා අධ්‍යාපන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් මෙය උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස සැලකීමේ අනුමැතිය ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.
 
 මෙම ආයතනය පිහිටුවීමට ප්‍රදානයක්‌ හෝ ණයක්‌ වශයෙන් අවස්‌ථා හතරකදී රුපියල් බිලියන 3.6 ක විදේශ මුදලක්‌ ලැබී ඇතැයි ද මෙකී ආයතනය ස්‌ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌a වී ඇත්තේ ඒ හරහා ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ධර්මයට අදාළ උලමාවරුන් බිහිකිරීම බවට සැකයක්‌ මතුවන බවද වාර්තාවේ දැක්‌වේ.
 
 මෙම විශ්වවිද්‍යාලයේ සියලු ගොඩනැඟිලි ඉස්‌ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අංගයන්ගෙන් යුක්‌ත බව ද භූමි අලංකරණය මගින් ප්‍රදේශයට ආගන්තුක වූ අරාබි පරිසරයක්‌ නිර්මාණය කර ඇතැයි ද ඒ අනුව මෙම ආයතනය වෙනත් අධ්‍යාපන පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ආගම හා සම්බන්ධ මූලධර්මවාදීන් බිහි කරන ආයතනයක්‌ බවට කාරක සභාව විශ්වාස කරන බව ද සඳහන් කර තිබේ.
 
 මෙම විශ්වවිද්‍යාලය සඳහා ශ්‍රී ලංකා හිරා පදනම සහ තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අතර ගිවිසුම 2013 වසරේදී අත්සන් කරන්නේ එම පදනමේ සභාපති සහ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්‌බුල්ලා මහතා සහ විෂය භාර ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා බවත් මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් රජය සමඟ ගිවිසුම් අත්සන් කිරීම වරදක්‌ බවත් වාර්තාවේ දැක්‌වේ.
 
 හිස්‌බුල්ලා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටිමින් මෙතෙක්‌ සමාගම් රෙජිස්‌ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සමාගමකට අවසර ඉල්ලා ඇත්තේ වංචාකාරී ලිපියක්‌ මගින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නොමඟ යවමින් බව ද වාර්තාවේ දැක්‌වෙයි.
 
 මෙම ආයතනයට රුපියල් බිලියන 3.6 ක මුදලක්‌ අරාබියෙන්a බැර කර තිබෙන්නේ ප්‍රදානයක්‌ ලෙස බව එහි වර්තමාන සභාපති හිරාස්‌ හිස්‌බුල්ලා මහතා (හිස්‌බුල්ලා මහතාගේ පුත්‍රයා) ප්‍රකාශ කර ඇතත් හිටපු නැගෙනහිර ආණ්‌ඩුකාර හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මෙය ණයක්‌ ලෙස ලද මුදලක්‌ බව යෑයි ද වාර්තාවේ දැක්‌වෙයි. අදාළ ණය ගිවිසුම් පරීක්‌ෂා කරද්දී ඒ පිළිබඳ බරපතළ සැක සංකා උපදවන බව ද සඳහන් කරන වාර්තාවේ මෙසේ දැක්‌වෙයි.
 
 මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මහවැලි අධිකාරියට අයත් අසේලපුර ප්‍රදේශයෙන් අක්‌කර 35 ක ඉඩමක්‌ අවුරුදු තිහක බද්දට ලබාගෙන ඇතත් ඊට වඩා වැඩි බිම් ප්‍රමාණයක්‌ විශ්වවිද්‍යාලය විසින් පාරිභෝජනය සිදුකරන බව බැලූ බැල්මට පෙනේ. ඒ අනුව අක්‌කර අටක ඉඩම් කොටසක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි අනවසර ලෙස ඉදිකර ඇත. ඒ පිළිබඳව වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව කාරක සභාව නිර්දේශ කර තිබේ.
 
 විශ්වවිද්‍යාලයේ අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා උතුරු වාකරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නැත. මෙවන් ෂරියා ධර්මය හෝ මූලධර්මවාදී ආගම් උගන්වන ආයතන බිහිවීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව ද පවසන වාර්තාව මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට නීත්‍යානුකූලව ලබාදුන් ඉඩම් සහ අනවසර ඉදිකිරීම් ද සමගින් සියලු වත්කම් රජයට පවරා ගත යුතු බව ද නිර්දේශ කර තිබේ.
 
 මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලහත්කාරයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම් ආදී සියල්ල නීති විරෝධීව කර ඇති බව තහවුරු වන නිසා හදිසි නීතිය යටතේ වහා මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වැරදිකරුවන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බව ද නිර්දේශ කරන කාරක සභාව සති හයක්‌ තුළ ඇමැති මණ්‌ඩලය විසින්a මෙම වාර්තාව නිරීක්‌ෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ද දක්‌වා සිටී.
 
 ආශු මාරසිංහ මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අදහස්‌ දැක්‌වූ ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙම වාර්තාව සම්බන්ධව ඉතා ඉක්‌මනින් විවාදයක්‌ අවශ්‍ය බව කීය. ඒ අනුව විවාදයක්‌ ලබා දීමට ආණ්‌ඩුව සූදානම් බව සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

 

ප්‍රාදේශීය පුවත්

ජාතික නිවාස දිනය මුල්කොට සිව්දශක ජන මෙහෙවර සමරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 
Jun 22 2019 00:00
 
Views 58
 
නිවාසකරණයේ පුරෝගාමී වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 1979 වසරේ ස්‌ථාපිතව මෙම වසරත් සමගින් සිය 40 වන සංවත්සරය සමරයි.
 
එකොළොස්‌ හැවිරිදි දරුවා කෙළෙසූ පුද්ගලයාට වසර 24 සිරදඬුවම්...රු. 30,000 දඩ හා රු. ලක්‌ෂ දෙකක වන්දි ගෙවීමටත් නියෝග 
Jun 22 2019 00:00
 
Views 249
 
58 හැවිරිදි වියේදී 11 හැවිරිදි පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදු කළ පුද්ගලයෙකු බරපතළ වැඩ ඇතිව වසර 24 ක සිර දඬුවමකට, රුපියල් ලක්‌ෂ 2 ක වන්දි ගෙවීමකට හා රුපියල් 30,000 ක දඩයකට යටත් කරමින් රත්නපුර...
 
රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න - ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි 
Jun 22 2019 00:00
 
Views 757
 
රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න - ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයිකොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා 'දිවයිනට' පැවැසීය.
 
දිවා කාලයේ ගෙවල් සුද්ද කළ කුඩ්ඩා භාණ්‌ඩ රැසක්‌ සමඟ අත්අඩංගුවට 
Jun 22 2019 00:00
 
Views 112
 
දිවා කාලයේ ගෙවල් සුද්ද කළ කුඩ්ඩා භාණ්‌ඩ රැසක්‌ සමඟ අත්අඩංගුවටරද්දොළුව, වැලිවත්තේ නිවසක්‌ බින්ද කුඩු ලෝලියකු සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සොරාගත් විස්‌කි බෝතල් හයක්‌, පිත්තල භාණ්‌ඩ රැසක්‌ හා ඉහළ වටිනාකමින් යුත් ඇඳුම් ද මෙහිදී සොයාගෙන තිබේ.
 
රාජ්‍ය ඇමැතිනී විජයකලා හා මන්ත්‍රී ශ්‍රීධරන්ගේ ප්‍රකාශවලට සමෘද්ධි නිලධාරීහු එරෙහි වෙති 
Jun 22 2019 00:00
 
Views 183
 
රාජ්‍ය ඇමැතිනී විජයකලා හා මන්ත්‍රී ශ්‍රීධරන්ගේ ප්‍රකාශවලට සමෘද්ධි නිලධාරීහු එරෙහි වෙතිකිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ සමෘද්ධි නිලධාරීහු පෙරේදා (20 දා) කිළිනොච්චිය නගරයේදී විරෝධතාවක නිරත වූහ.ඒ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් මහතා විසින් සිදු කරනු ලැබූ බව කියන ප්‍රකාශයකට විරෝධය පල කිරීම සඳහායි.
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top