Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
425
Views

කලාවට ආදරේ කරන කෙනෙක්ට  නම් වින්සන්ට් වැන්ගෝ කියන්නේ නුහුරු නුපුරුදු නමක් නෙමෙයි. ප්‍රංශ ජාතික වැන්ගෝ  විෂාදයෙන් පෙළුණු ලෝකප්‍රකට කලාකරුවන්ගේ ලයිස්තුවේ ඉදිරියෙනම වගේ ඉන්නවා. 

රෙම්බ්‍රානට් ගෙන් පසු බිහි වූ විශිෂ්ටතම ලන්දේසි චිත්‍ර ශිල්පියා ලෙස වැන් ගෝ සැලකෙනවා. ඔහු තම ජිවිත කාලය තුලදී කලාකෘති 2000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා. එයින් 1300 පමණ දිය සායම් මාධ්‍ය චිත්‍රයි. ලොව වැඩිම මිලකට අලෙවි වූ චිත්‍ර අතර මොහුගේ කලාකෘතීන් ද අඩංගු වනවා. වැන්ගෝ ගේ Irises නම් චිත්‍රය ඩොලර් මිලියන 53.9 ක වාර්තාගත මිලකට අලෙවි වුනා. Portrait of Dr. Gachet නම් කෘතිය ඩොලර් මිලියන 82.5 කට අලෙවි වී තිබෙනවා.

වර්ෂ 1890 ජුලි 27 දා කරදරයෙන් පෙළුණු වැන්ගෝ  තමන් ජිවත් වූ ප්‍රදේශයේ වගා බිමක් අසලදී පිස්තෝලයක් ආධාරයෙන් සිය දිවි නසා ගනු ලැබුවා. වර්ෂ 1965 දී ගොවියකු විසින් මේ අවිය සොයා ගන්නවා.

මෙය නිශ්චිතවම ඔහු දිවි නසා ගන්නට භාවිතා කල අවියදැයි සැක පහල වුවත් ඩොලර් 182 000 මුදලකට කෞතුක භාණ්ඩ එකතු කරන්නෙකු විසින් දුරකථනය හරහා මිලට ගෙන තිබෙනවා. එය අපේක්ෂා කල මිලට වඩා තුන් ගුණයකින් වැඩි බව සැලකෙනවා. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top