Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
1,393
Views
ඔබ මේ වන විට ලෝකයේ රටවල් කීයකට සංචාරය කර  තිබෙනවාද? සමහර විට ඔබ තවමත් ඔබ උපන් රටේ බොහෝ තැන් වලට පවා නොගොස් සිටිනවා වන්නට පුලුවන්. 

නමුත් ඔබ දන්නවාද බොහෝ විදේශිකයින් සංචාරය කිරීම ඔවුන් ගේ ජීවිතයේ වැදගත් විනෝදාංශයක් බවට පත් කරගෙන ඇති බව. ඔවුන් උපයන මුදලින් සංචාරය වෙනුවෙන් වෙනම මුදල් වෙන් කර තබන්නටත් ඔවුන් කටයුතු කරනවා. ලෝකය පුරා ඇති අරුම පුදුම තැන් නරඹන්නට ඔවුන්ට ඇත්තේ අසීමිත ආශාවක්, කැමත්තක්.

මේ කියන්න යන්නෙ ඒවගේ ලෝකය පුරා සංචාරය කළ කෙනෙක් ගැන. ඒ 27 හැවිරිදි කැසැන්ඩ්‍රා ඩි පෙකෝල් නම් තරුණියයි.  ඇයට ‘සෑම රටකටම සංචාරය කළ පළමු ගැහැණිය‘ යන සම්මානය හිමිවෙලා තියනවා. ඇය මෙම සංචාරයන් ආරම්භ කරලා තියෙන්නේ 2015 වසරේ .

ඇය විසින් සංඛ්‍යාතමකව ගත්තොත් රටවල් 196 ක සංචාරය කරලා තියනවා. ඇයට මේ සදහා ගත වී ඇත්තේ මාස 18 කුත් දවස් 26 ක් පමණයි. ඇය මේ සමගම ගිනස් වාර්තාවක් ද තබා තියෙනවා.

එනම් මීට පෙර මෙම වාර්තාව තබා තිබූ පුද්ගලයා ගත් කාලයට වඩා භාගයක් ම අඩුවෙන් වැඩිම රටවල් ගානක සංචාරය කිරීමට ඇයට හැකී වී තිබෙනවා.

සෑම රටකටම ගිය පළමු ගැහැනිය වශයෙන් සංචාරය හරහා සාමය සදහා වූ ජාත්‍යන්තර ආයතනයේ තානාපතිනිය වශයෙන් ද ඇය කටයුතු කරනවා. ඇයගේ මෙම ගමන  “Expedition196” ලෙස හදුන්වනු ලබනවා.

අපට එම සිහිනයේ ජීවත් වීමට අවස්තාව නැතත් ඇයව ඉන්ස්ටග්‍රෑම් හරහා ෆලෝ කිරීමෙන් ඇයගේ සංචාරයන් ගැන වැඩිදුර තොරතුරු දැන ගත හැකිවා වගේ ම ඇයගේ ගමන් වල කොටසක් බවට ද පත් විය හැකියි.

ඇයගේ මෙම ගමන් සදහා ගිය මුලු වියදම $200,000 පමණ වුවත් ඒ සියලුම වියදම් ඇගේ අනුග්‍රහකයන් විසින් දරා තිබෙනවා. 

ඇය ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුම නොමිලේ  නවාතැන් සපයා දීම සදහා දැන්වීම් පළකිරීමට වේදිකාවක් වශයෙන් යොදාගනු ලබනවා.
Image result for cassandra de pecol
Image result for cassandra de pecol





Image result for cassandra de pecol
Image result for cassandra de pecol
Image result for cassandra de pecol
Image result for cassandra de pecol
Image result for cassandra de pecol
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top