Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
1,131
Views
ගොඩක් ආදරෙන් හිටිය  නැන්දගේ දුව අනිසි කටයුත්තක් කරගෙන ඒ නිසා මැරෙන්න ඇති.."

"දුම්රියේ නළාව නාද කළ විට ඔඵව උස්සා බලලා නැවතත් එහෙමම හිටියා.."

පුද්ගලයකු සිරුරේ හිස කොටස රේල් පීල්ලට තබා උඩුබැලි අතට දිගා වී සිටිනවා දැක්කා. දුම්රියේ නළාව නාද කළ විට ඔඵව උස්සා බලා නැවතත් එලෙසම සිටියා යැයි දුම්රියට ගෙල තබා මිය ගිය අයකුගේ මරණ පරීක්ෂණයේ දී දුම්රියේ රියැදුරු වන ගාල්ල වැලිවත්ත ඕල්කොට් මාවතේ පදිංචි තන්ත්‍රිගමගේ අසෝක රත්නකුමාර මහතා සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.
 
මෙසේ මිය ගොස් ඇත්තේ අහුන්ගල්ල වැලිකන්ද පදිංචි  නුවන් චාමර ද සිල්වා 26 හැවිරිදි  විවාහකයෙක්.
 
බෙන්තොට හදිසි මරණ පරීක්ෂක එම්. එල්. කොළොන්නේ මහතා විසින් බළපිටිය මූලික රෝහලේ දී 15 වැනිදා පවත්වන ලද මරණ පරීක්ෂණය ඉදිරියේ තව දුරටත් සාක්ෂි දුන් සාක්කිකරු කියා සිටියේ,

"13 වැනිදා උදේ 8.30ට මරදාන දුම්රිය පොළට වාර්තා කළා. කොළඹ කොටුවෙන් 10.42 ට වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියෙන් ගාල්ල දක්වා ආවා. 13.05 ට ගාල්ලෙන් සේවයෙන් මිදී එදින රාත්‍රි 22 පැයට ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන තෙල් දුම්රියෙන් ගමන් ආරම්භ කළා. අහුන්ගල්ලේ 76.5 කණුවේ සිට ගාල්ල දෙසට මීටර් එකසිය පනහක් පමණ දුරින් පුද්ගලයකු සිරුරේ හිස කොටස රේල් පීල්ලට තබා ගෙන උඩුබැලි අතට දිගා වී සිටිනවා දැක්කා. මම දුම්රියේ නළාව නාද කර තිරිංග තද කළා. මීටර් පනහක් පමණ දුරින් එද්දී ඔළුව උස්සා බලා නැවතත් එලෙසම සිටියා. කෝච්චිය ඔහු යට කරගෙන ඉදිරියට ගිහින් නැවතුණා. ප්‍රධාන නියාමකට කතා කරලා සිරුර අහුන්ගල්ල දුම්රිය නැවතුම් පොළට භාර දීලා ගියා."
 
 මිය ගිය අයගේ බිරිය වන හදුන්නෙත්ති අනුෂා ලක්මාලි ද සොයිසා මහත්මිය සාක්ෂි දෙමින් කියා සිටියේ,

 "2017 මාර්තු තිස් වැනිදා අපි විවාහ වුණේ. අපට දරුවෝ නැහැ. මොහු වෙනත් ඇසුරක් පවත්වා ගෙන ගියා. ඒ නිසා අපි දෙන්නා අතර නිතර කල කෝලාහල ඇති වුණා. මේ ගැන පොලිසියට පැමිණිලි කරලා අපි වෙන් වෙලා වෙනම ජීවත් වුණා. ඉන් පසු මොහු අධික ලෙස බොන්න පටන් ගත්තා. දැනට සතියකට ඉහත දී එයා හරි ආදරයෙන් හිටපු එයාගේ නැන්දගේ දුව අනිසි කටයුත්තක් කර ගත්තා. ඒකෙන් මොහු දැඩි සේ සිත් තැවුලට පත්වෙලා ඉදලා තිබෙනවා. අධික බීමත්කම හා සිත් තැවුල නිසා ජීවිතය නැති කරගන්න ඇති කියලා විශ්වාස කරනවා."
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top