ඉන්දියාවේ ජනගහණයෙන් පිරිමි අයට සාපේක්ෂව කාන්තාවන් ඉන්නේ දළ වශයෙන් මිලියන 35 ක් අඩුවෙනි. ඉන්දියානු සමාජය යනු බහුතරයක් නූගත් ග්‍රාමීය මිනිසුන් ගෙන් සැදුම් ලත් එකකි. බොහෝ පිරිසකට සෞඛ්‍ය දැනුම නිසි පරිදි ලැබෙන්නේ ද නැත. අනෙක් අතට එය පුරුෂ මූලික සමාජයකි.
ජාතික සෞඛ්‍ය වාර්තාවක දී ඉන්දියානු පිරිමි 51% ක් බිරිඳට තඩිබෑම යුක්ති සහගත යැයි කියන ලදි. පුදුමය එය නොවේ. පුදුමය නම් 54% ක් කාන්තාවන් ද එය සමඟ එකඟ වීමයි. තඩිබෑම යුක්ති සහගත වූ අවස්ථා හැටියට සැලකූ උදාහරණ දෙකක් මෙසේය: ආහාර වේල පිළියෙල කරද්දී එය පිළිස්සී යාම, නොකියා ගෙදරින් බැහැරක යාම ආදියයි.
ඉන්දියානු කාන්තාවන් අතර අපේක්ෂා නොකරන ලද ගැබ්බර වීම් සහ HIV/AIDS ඇතුළු ලිංගිකව බෝවෙන රෝග වැළඳීමේ ඉඩකඩ ද වැඩි ය. ඊට එක හේතුවක් නම් ඉන්දීය කොන්ඩොම් 15% ක් නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම ය. ඒ ඇයි කියා සොයා බැලූ Indian Council of Medical Research මෙවැනි අපූරු දැනුමක් ලැබුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව කොන්ඩම් නිපැදවීමේ දී ඉන්දියාවේ 60% ක පිරිමින්ගේ පුරුෂ අවයවය ඉහත සංවිධානයේ නිර්දේශයට වඩා කුඩා වීමය. ඉන්දියානු පිරිමි දාහකට අධික සංඛ්‍යාවකගේ පුරුෂ අවයවය මැන බලා ඡායාරූප ගත කරන වසර දෙකක අධ්‍යයනයකින් පසුව ඉන්දියානු විද්‍යාඥයෙක් කියා සිටියේ “කොන්ඩොමය ඉන්දියාවට අනුචිත විදියට හදා නැත” කියාය. ඒ අනුව ඉන්දීය රජය කුඩා කොන්ඩොම් නිෂ්පාදනයට ද පොරොන්දු විය. නමුත් එය සිතූ තරම් ප්‍රතිපල සහිත වූවක් නොවේ.
නිසි පරිදි ලිංගික එක්වීමකදී කොන්ඩම් පාවිච්චි නොකිරීම ඉන්දීය අදික ජනගහණයක් සහිත පරිසරය තුල ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරන්නකි. බොහෝ වශයෙන් ඉන්දීයාව යනු ලිංගික සේවය සැපයීම රැකියාවක් වශයෙන් කරන පිරිස් සිටින රටකි. එහි දී ඒඩ්ස් වැනි රෝග පැතිරීමට කොන්ඩම් නිසි පරිදි පාවිච්චි නොකිරීම හේතුවක් වේ. එමන් ම අනවශ්‍ය ගැබ් ගැනීම් ඇතිවීම හා ඒනිසා ම ගබ්සා කිරීම් ආදියට යොමු වීමට පෙළඹීම නිසා ශාරිරික හා සාමාජීය ප්‍රශ්න රාශියක් මතු කරලයි.
ඉන්දියානු පිරිමින් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කොන්ඩම් නිපදවීම කරනවාද නැතිනම් ඉන්දියානු නිර්දේශයන්ට අනුව කොන්ඩම් නිෂ්පාදනය කරනවාද යන්න තීරණය කරන්නට සිදුව තිබේ.