Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
2,248
Views

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද තියෙන තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කළ යුතු ලොකුම වෙනස්කමක් ගැන හිටපු එක්දින ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් සිය අදහස් ප්‍රකාශ කර සිටියා.ඒ cricinfo වෙබ් අඩවිය කළ විමසීමකදී. මෙම වැඩසටහන සඳහා ඩිල්ෂාන් ශ්‍රී ලංකාවේ සිට සජීවීව සම්බන්ධ වී තිබුණා.

එහිදී නිවේදකයා ශ්‍රී ලංකා කණ්ඩායම අද සිදු කළ යුතු වෙනස්කම ගැන ඇසුවා. එයට ඩිල්ෂාන් පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්.

"මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නෙක් අවශ්‍යයි කියලා. ඒ නිසා තිසර පෙරේරා කණ්ඩායමෙන් ඉවත් කරලා ජෙෆ්රිව කණ්ඩායමට එකතු කරගන්න ඕනේ. මොකද තිසරගේ පන්දු යැවීම වගේම පන්දුවට පහරදීමත් මේ දිනවල දුර්වලයි. ඒ වගේම ඉසුරු උදාන කියන්නෙත් තිසර වගේ ක්‍රීඩා කරන හොඳින් පන්දු යවන ක්‍රීඩකයෙක්. ඒ නිසා දෙදෙනාම කණ්ඩායමේ ඉන්න අවශ්‍ය නැහැ. වැඩිපුර පන්දු හොඳින් යවන ඉසුරු උදාන කණ්ඩායමේ රැඳී සිටින එක ප්‍රමාණවත්. ඉතින් මේ තමා මා අද ක්‍රීඩා කරන්න අවශ්‍ය බව සඳහන් කරන කණ්ඩායම. "

කුසල් පෙරේරා 

දිමුත් කරුණාරත්න 

ළහිරු තිරිමාන්න 

කුසල් මෙන්ඩිස් 

ඇන්ජලෝ මැතිව්ස් 

ධනංජය ද සිල්වා 

මිලින්ද සිරිවර්ධන 

ඉසුරු උදාන 

නුවන් ප්‍රදීප් 

ජෙෆ්රි වැන්ඩසේ 

ලසිත් මාලිංග 

කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කළ යුතු ස්ථාන ගැන නිවේදකයා ඇසු ප්‍රශ්නයට ඩිල්ෂාන් දැක්වූ අදහස මේ.

" මම හිතන්නේ නැහැ ස්ථාන වෙනස් කළ යුතුයි කියලා.අපේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳයි. මැද පෙළ තමා ශක්තිමත් වෙන්න ඕනේ. ඔහු වෙච්ච වැරදි කරපු වැරදි සියල්ල අමතක කරලා අද තරඟයට හොඳින් මුහුණ දෙන්න ඕනේ. සුපුරුදු පරිදි තමන්ගේ ක්‍රීඩාව ඒ අයට කරන්න පුළුවන් වුණොත් එංගලන්තයට ලොකු සටනක් දෙන්න හැකි වේවි."

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top