Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 21
1,087
Views

2019 ක්‍රිකට් ලෝක කුසලානයට ලබා දුන් තනතීලී ශ්‍රි ලංකා හිටපු නායක සහ ක්‍රිකට් විචාරක කුමාර් සංගක්කාරගේ විවේචනයට ලක්ව තිබේ.

ඒ අයි.සී.සීය විසින් එක් එක් කණ්ඩායම් සදහා වෙනස් තනතීරූ ලබා දීම සම්බන්ධයෙන්ය. ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පතට අදහස් දක්වමින් සංගා මේ පිළිබඳ සිය අප්‍රසාදය පළකර තිබේ.

තවද මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා තරග වැඩි ප්‍රමාණයක් වර්ෂාව හේතුවෙන් නතර කර දැමීමට සිදුවීම පිළිිබඳව අදහස් දක්වා තිබේ. එහිදි අදහස් දක්වන කුමාර් සංගක්කාර එංගලන්ත ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය නොකිරීම පිළිබඳවද අදහස් දක්වා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන සංගක්කාර " ඔවුන් ශ්‍රී ලංකාවේ මෙන් ක්‍රීඩා පිටි සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතුයි, ඒ සඳහා විශාල පිරිස් බලයක් අවශ්‍ය වූවත් එමගින් තරග අත්හැර දැමීම වළක්වා ගත හැකියි. මෝසම් වැසි සමයේ පවා ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ එම තාක්ෂණය හේතුවෙන්" යනුවෙන් පවසා තිබෙනවා.

තවද තරගාවලියේදි එක් එක් කණ්ඩායම් සඳහා වෙන වෙනම කොළ පැහැති සහ දුඹුරු පැහැති තණතීරු ලබා දීම පිළිබඳ සංගක්කාර සිය දැඩි අප්‍රසාදය පළ කරමින් "මේක ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක්.  එම නිසා හැම කණ්ඩායමකටම එක වගේ සමානාත්මතාව ලබා දෙන්න ඕනේ. එහෙම බලද්දි සමහර කණ්ඩායම් සඳහා ලැබුණු තණතීරු පිළිබඳ සතුටු වෙන්න බැහැ" යැයි ප්‍රකාශ කර තිබිණි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top