Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
1,074
Views
රුසියාවේ පැවැති 10වැනි අන්තර්ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවේදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරී කෝකෝව් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් සැලසුම් කර ඇති බවයි.

“  විශේෂඥයින් තක්සේරුකර තිබෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රහාර අයිඑස් විදේශ යාන්ත්‍රණයේ ජාත්‍යන්තර ජිහාඩ් මතවාදය ඇති දේශීය කණ්ඩායමක් සිදුකළ බවට. මේ ප්‍රහාර සිදුකළ කණ්ඩායම දේශීය රැඩිකල් මතවාදය දරණ සිරියාවේ හා ඉරාකයේ අයි.එස්. සංවිධානය සමග යුද කළ පැමිණි කණ්ඩායමක්. ”

එසේම ඔහු පවසා ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන මධ්‍යස්ථාන බවට මැදපෙරදිග, අප්‍රිකාව, දකුණු ආසියාව හා ගිණිකොණදිග ආසියාව පත්ව ඇති බවයි.

“ අතීතයේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය කිව්වේ තම අනුගාමිකයන්ට ඉරාකයට හා සිරියාවට පැමිණෙන ලෙසයි. දැන් ඔවුන් සිය අනුගාමිකයන්ට කියන්නේ තමන්ගේ රට තුළ සිටිම්න් ජිහාඩ් ක්‍රියාකාරකම් සිදුකරන ලෙසයි.”

“මේ අවධානය යුරෝපා සංගමයේ රටවලටත් තිබෙනවා. මේ වන විට නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය හා ප්‍රංශයේ ඔවුන් සිය ක්‍රියාකාරකම් සිදුකර තිබෙනවා. එයින් ඔවුන් යුරෝපයේ ත්‍රස්තවාදී ප්‍රහාර සිදුකිරීමට සූදානම් බව පෙනෙනවා.”

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top