Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
1,584
Views

ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘ආදායි’ (ඇඳුම) දමිළ චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය මේවනවිට අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. චිත්‍රපටයේ ප්‍රධාන නිළිය අමාලා පෝල් ය.

පූර්ව ප්‍රචාරක පටයත් සමඟ අමාලා ගැන ද සමාජ ජාල ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. ඒ, ඇයගේ නිරුවත් රංගනය හේතුවෙනි.

‘ආදායි’  ප්‍රචාරක පටය සම්බන්ධයෙන් බොලිවුඩ් සිනමාකරු කරන් ජොහාර් සතුට පළ කර ඇත. ‘ආදායි’ තවත් පෙරැළිකාර චිත්‍රපටයක් වෙනවාට සැකයක් නැහැ යැයි කරන් ජොහාර් වැඩිදුරටත් පවසා තිබේ.

අමාලා පෝල් දමිළ, තෙලිඟු, මලයාලම් සිනමා නිළියකි. ‘මයිනා’, ‘රන් බේබි රන්’, ‘වාදා චෙන්නායි’ සහ ‘වී.අයි.පී.2’ වැනි චිත්‍රපට හරහා ජනප්‍රිය නිළියක බවට පත් වී සිටින්නීය.

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top