Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
589
Views
නැගෙනහිර යුක්රේනයේදී ජීවිත 298ක් බිලිගනිමින් විනාශ වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය බිම හෙලූ බවට පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ නෙදර්ලන්ත ආරක්ෂක අංශ රුසියානුවන් තිදෙනෙකු හා එක් යුක්රේන ජාතිකයෙකු වෙත මෙසේ චෝදනා ගොනුකර ඇත.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මැලේසියාවේ ක්වාලලම්පූර් දක්වා ගමන් කරමින් තිබියදී මෙම මගී ගුවන් යානය එවකට අර්බුදයට ලක්ව තිබූ යුක්රේනයට ඉහළ අහසේදී මෙසේ වෙඩි තබා බිම හෙලා ඇති බව කියැවෙයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් වූ නඩු විභාගය 2020 මාර්තු 9දා සිට නෙදර්ලන්තයේදී ආරම්භ වන බවත්, චූදිතයන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

මෙම ගුවන් යානය වෙඩි තබා බිම හෙලීම සඳහා වූ බක් මිසයිලය ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයන් සිව්දෙනා බව පර්යේෂණ සිදුකළ නෙදර්ලන්ත ආරක්ෂක අංශ වැඩිදුරටත් පවසයි.
Image result for MH17
Image result for MH17
Image result for MH17
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top