Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
748
Views
කැතරින් ගැන කතා කලොත් එයා ජර්මණියේ ඉපදුනාට වයස අවුරුදු දෙකෙදීම එයාගෙ අම් මල තාත්තල එක්ක ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට ආපු කාන්තාවක් . ඒ 1949 දි. කැතරින් වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස් ප්‍රාන්තයේ ජෝර්ජ් සී. මාෂල් උසස් පාසලෙන් උපාධිය අරන් පස්සෙ ලින්ච්බර්ග් විද්‍යාලයට ගියා . එයා 1967 දී සිරකූස් විශ්ව විද්‍යාලයෙදි පුවත්පත් කලාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරුවා. ඊටත් පස්සෙ එයා ප්‍රසිද්ධ වුනේ ගත්කතුවරියක් හැටියට. ඒ වෙනකොට එයාට තිබුණ විවිධ විශ්ව විද්‍යාලවලින් ලැබුනු උපාධි සහතික 6 ක් . ඒ වගේම එයාට තමන්ගෙ ස්වාමිපුරුෂයා එක්ක තවදුරටත් ඡීවත් වෙන්න බෑ කියල හිතුනනිසා කිසිම පැකිළිමක් නැතිව ස්වාමිපුරුෂයාව අයින් කරපු කාන්තාවක් . ඒ නිසා ඇය දික්කසාද 3 ක් සහ විවාහයන් 4 ක් කර ගත්තු ස්වාධිනව සිතන පතන කාන්තාවක් කියල කියන්නත් අපිට පුලුවන්.

නමුත් ලෝකය ඇයව අගයන්නෙ ඒ නිසා නෙවෙයි. ලෝකය ඇයව අගයන්නෙ පත්තර , පොත් ලිය ලියාම නොඉද ''කාන්තාව '' වෙනුවෙන් යමක් දිනාගැනීමට පිරිමින්ව තල්ලු කරගෙන අභීතව ඉස්සරහට ආපු කෙනෙක් විදිහට.
මේ කතාව පටන් ගන්‍‍නෙ ඇගේ පළමු කසාද පුරුෂය වෙචිච grab ගෙන් දික්කසාද වෙන්න ඔන්න මෙන්න කාලෙදි.
අපි කතා කරන්නෙ 1960 ගණන් ගැන. ඒ කාලෙ ඇමෙරිකා එක්සත් ඡනපදයෙ කාන්තාවන්ට මැරතන් තරගවලට සහභාගි වෙන්න බෑ ! තහනමි. එකක් පිරිමි එක්ක හරි හරියට කාන්තාවන් දුවන එක ලැඡ්ඡාවක් කියල ඒගොල්ලෝ හිතුව. අනික එච්චර දුර දුවන්න ගැහැණියට ශක්තියක් ධෛර්යක් නෑ කියලත් ඒගොල්ලෝ හිතුව. මොකද මැරතන් ධාවන තරගයක අඩුම කිලෝ මීටර් 20 කට වඩා දුවන්න සිද්ධවෙනව. නමුත් කැතරින් ස්විටිසර් ඇගේ පෙමිවතා තෝමස් මිලර් එක්ක දිනපතාම මේ සදහා පුහුණු වීමි කලා.

ඊට පස්සෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ අංක එකේ මැරතන් ධාවන තරගය වෙචිච බොස්ටන් මැරතන් ධාවන තරගයට ඉල්ලුමි පත් දැමිමා . ඒකෙ දුවන්න තියෙන දුර ලේසි නෑ කිලෝමීටර් 31 ක් . ඉල්ලුමි පතේ කොහේවත් තිබුණෙ නෑ ස්ත්‍රී පුරුෂ කියල. ඒ වගේම ඇය ඉල්ලුම් පත්‍රයේ නම ලිවිවෙ, අත්සන් කලේ “K.V. Switzer කියල. ඉතින් ඇගේ ඉල්ලුම් පත්‍රය බොස්ටන් මැරතන් කමිටුව පිලිගත්ත. නමුත් 1967 අප්‍රේල් 19 වැනිද උදෑසන මැරතන් ධාවනයට ඒ නමින් ඉදිරිපත්වෙලා තියෙන්නෙ කාන්තාවක් බව තේරුම් ගන්න කොට විධායක කමිටුව පරක්කු වැඩියි.


ඒ වගේම ඇමෙරිකා එක්සත් ඡනපදයෙ 1967 දී බොස්ටන් මැරතන් තරගයේ දිනය අප්‍රේල් 19 වන බදාදා මැසචුසෙට්ස් ප්‍රාන්තයේ දේශප්‍රේමීන්ගෙ දිනය වුනා. ඇමරිකානු විප්ලවයේ පළමු සටන්වලදී බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් කළ තරුණ ඇමරිකානු දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් මැසචුසෙට්ස් හි ජනයාට එදා විශේෂ නිවාඩු දවසක්. මේ ඓතිහාසික දවස ඇමෙරිකානු කාන්තාවන් වෙනුවෙන් ඓතිහාසික කරන්නයි කැතරින් ස්විටිසර්ට ඕන වෙලා තිබුණෙ.

ඇය මැරතන් ධාවනයේ යෙදෙන කොට කොහේදෝ ඉදල කඩා පැන්න ඇගේ විවිාහක සැමියා ග්‍රැබි ඇයව ධාවනය පතයෙන් තල්ලු කලා. ඇගේ ඇදුමෙ පිටුපසින් අලවා තිබුණු ඒ ඉතිහාසගත 261 කියන අංකය ඉරා දැමිමා . නමුත් ඇගේ රාත්තල් 235 ක් බරැති පෙමිවතා තෝමස් මිලර් ඉස්සරහට පැනල ඇගේ කසාද පුද්ගලයාව ධාවන පථයෙන් ඇදල දාල සිය පෙමිවතියට නිදහසේ තරගයට ඉඩ ලබා දුන්න. ඒ වගේම ඇය කිලෝ මීටර් 31 ක් දුර දුවමින් තරගය සාර්ථකව අවසාන කලා. ඒ තමයි ඇමෙරිකා එක්සත් ඡනපදයෙ පිරිමින් විසින් කාන්තාවන්ට තහනමි කල මැරතන් ධාවන තරගයක යෙදිල ඒකට නීත්‍යානුකුලව සහභාගි වෙලා සාර්ථකව අවසන් කරපු පළවෙනි කාන්තාව .

ඊට පස්සෙ 1972 දි ඇමෙරිකා එක්සත් ජනපදය මැරතන් ධාවන තරග සදහා කාන්තාවන්ට නීත්‍යානුකුල අයිතිය ප්‍රකාශයට පත්කලා.
හැබැයි ඊට පස්සෙ සහභාගි වෙචිච හැම මැරතන් තරගයකටම එයා පැළදගෙන හිටියෙ අර ඓතිහාසික නොමිබරේ 261. 1974 New York City Marathon වල කැතරින් පළවෙනිය. 1975 Boston Marathon වල එයා දෙවැනිය.

Image result for kathrine switzer


Image result for kathrine switzer

Image result for kathrine switzer


Image result for kathrine switzer

Image result for kathrine switzer

Image result for kathrine switzer
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top