Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 20
898
Views
26 හැවිරිදි වියේ පසුවූ ඕඩ්රි ෆ්‍රේෂියර් එක්දරු මවක්. ඇය සැමියාගෙන් වෙන්ව ඇමරිකාවේ වොෂින්ටන් නුවරට නුදුරු වෑන් කූවර් නගරයේ පිහිටි දැවැන්ත නිවාස සංකීර්ණයේ එක් නිවසක 5 හැවිරිදි පුතා සමඟ ජිවත් වුණා. තරුණ මවක් මෙන්ම විනෝදකාමී තැනැත්තියක් වූ නිසා ඇයට නිවාස සංකීර්ණයේ බොහෝ අය ආදරය, කරුණාව දැක්වුවා.
 
එහෙත් ඇය හිටි හැටියේ අතුරුදහන් වුණා. දින කිහිපයක්ම ඇය දකින්නට නොලැබීම නිසා කලබල වූ අසල්වැසියෝ වහා ඒ පිළිබඳව වෑන්කුවර් පොලීසියට දන්වා යැව්වා. ඒ ඔවුන්.. තුළ ඇති වූ යම් සැකයක් නිසාවෙනුයි.
 
එම දැනුම් දීමට අනුව පැමිණි පොලිස් නිලධාරින්ට දක්නට ලැබුණේ නිදන කමරයේ සයනයක් මත ඇය මරා දමා ඇති අයුරුයි. පසුව ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ගෙල මිරිකා ඇය මරා දමා ඇති බවයි.

ඕඩ්රි ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට වෑන්කුවර් පොලිස් නිලධාරින් දැඩි උත්සහයක් ගනු ලැබුවත් ඒ කිසිදු විමර්ශනයක් සාර්ථක ප්‍රථිපල ගෙන දුන්නේ නැහැ.
 
සිද්ධිය වූ ස්ථානයෙන් ඩී.එන්.ඒ. සාම්පලද වෑන්කුවර් පොලිස් නිලධාරින් විසින් ලබාගෙන තිබුණද ඒවා උපයෝගී කරගෙන සිදු කරනු ලැබූ විමර්ශන ප්‍රථීපල ගෙන නොදුන් අතර සැකපිට කිසිම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවූයේ නැහැ. ඕඩ්රිගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ගැන උනන්දුව දැක්වූ අසල්වැසියන් රැසකගෙන්ද සාක්ෂි හා තොරතුරු වෑන්කුවර් පොලීසිය විසින් ලබාගත් නමුත් ඒවායින්ද ඵලක් වුණේ නැහැ.
 
ඉන් අනතුරුව පොලිස් බලධාරින් තීරණය කළේ ඩී.එන්.ඒ. පරීක්ෂණ සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියක් ලබා සිටි පැරඩෝන් නැනෝලැබ්ස් නම් පුද්ගලික සමාගමේ සහය විමර්ශන සඳහා ලබා ගැනීමටයි.
 
ඩී.එන්.ඒ. සාම්පල පිළිබඳ පර්යේෂණ පැවැත්වීමේ විශේෂඥයින් වූ මෙම සමාගමට කෙනෙකුගේ චරිතය හා ගතිපැවතුම් පිළිබඳව චරිත සටහනක් නිර්මාණ කිරීමට හැකියාව තිබෙනවා. ඒ අනුව ඕනෑම කෙනෙකුට තම ඩී.එන්.ඒ. සාම්පල මෙම සමාගමට ලබා දී එම පරීක්ෂණ උපයෝගී කරගෙන ඔවුන්ගේ පවුලේ ඉතිහාසය හා වෙනත් තොරතුරු ලබා ගැනීමට අවස්ථාව හිමි වනවා.
 
එසේම ඔවුනට ලැබෙන සියලුම 'ජානමය දත්ත' එම සමාගම විසින් පොදු දත්ත ගබඩාවක තැන්පත් කරනු ලබනවා. ඒ අනුව ඕඩ්රි ෆ්‍රේෂියර්ගේ ඝාතනය සිදු වූ ස්ථානයෙන් ලබා ගන්නා ලද සාම්පල වලින් ලබාගත් දත්ත සමාගමේ දත්ත ගබඩාවල තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත්තා.
 
ඒ අනුව ගබඩා කරන දත්තවලට සමාන ඩී.එන්.ඒ. විශ්ලේෂණයක් සිදුකොට ඝාතකයාගේ වයස, ජිවත්ව සිටි ස්ථානය, ඔහුගේ ගති පැවතුම් පවුලේ තොරතුරු පෙළපත ආදිය එකතු කොට චරිත සටහනක් සැකසීමට එම ආයතනයේ විශේෂඥයන්ට හැකියාව තිබෙනවා.
 
1994 දී මෙම සාහසික ඝාතනය පිළිබඳව පොලීසියේ උකුසු ඇස් යොමු වී තිබූ නමුත් ඝාතකයා සෙවීමේ කාර්යය ක්‍රමයෙන් කාලයක් සමඟ පමා වූයේ ඝාතනය සිදු වූ ස්ථානයෙන් ගනු ලැබු තොරතුරු හා දත්ත පිළිබඳ හරි හැටි පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වීමත් එවකට පැවති තාක්ෂණ ක්‍රමවල නොයෙකුත් දෝෂ පැවතීමත් නිසයි.
 
ඒ අනුව වසරින් වසර වසර 25ක් ගෙවී ගියත් ඕඩ්රිගේ ඝාතනය පිළිබඳ කිසිම හෝඩුවාවක් නොලැබ ඒ පිළිබඳ පරීක්ෂණ වැළලිගොස් තිබුණා. එහෙත් මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ පොලිස් පරීක්ෂක ගෞරිෂාල් හා නීල් මාටින් ඕඩ්රිගේ මරණය පිළිබඳ පරීක්ෂණ නැවත ඇරඹිමට කටයුතු කළා.
 
ඒ අනුව වසර 25කට පසු නැවත විමර්ශන ඇරඹුනා.
 
මේ සමඟම ඇගේ ඝාතනය පිළිබඳ කාගේත් උනන්දුව හා උද්යෝගය ඇති වූයේ 'පැරබෝනී නැනෝලැබ්ස්' සමාගම විසින් ඕඩ්රිගේ ඝාතකයා සම්බන්ධ 'චරිත සටහනක්'නිකුත් කිරීමත් සමඟයි.
 
මේ සඳහා අදාළ සමාගම උපයෝගී කරගෙන තිබුණේ ඝාතනය සිදු වූ ස්ථානයේ දමා ගොස් තිබූ 'සිගරැට්' කොටයක්. ඒ ඔස්සෙ විමර්ශන කිරීමේදී ඝාතකයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වුණා.
 
ඒ අනුව පොලීසියේ අවධානය ද සැකකරු වෙත යොමු වුණා.
 
නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇරඹි විමර්ශනයේදී අපරාධකරුවා පිළිබඳ නිර්මාණය කළ චරිත සටහනට අනුව ඕඩ්රි ෆ්‍රේෂියර්ගේ ඝාතකයා 'ඊවඩ් නැප්' නැමැත්තකු බවට හඳුනා ගනු ලැබුවා.
 
තව දුරටත් කළ විමර්ශනයේදී රිචඩ් නැමැත්තා ලිංගික අතවර සිද්ධියකට අධිකරණය මඟින් වරදකරු කර ඇති බවටද හෙළිවුණා.
 
ඒ අනුව ඉකුත් මාසයේ රථවාහන පරීක්ෂා කිරීම සඳහා යොදවා තිබූ පොලිස් බාධයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණා.
 
ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් සිගරැට් කොටය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයෙන් ලද තොරතුරු අනුව රිචර්ඩ් නැප් විසින් ඕඩ්රි දූෂණය කොට ගෙල මිරිකා මරා දැමූ තැනැත්තා බවට හඳුනාගනු ලැබුවා.
 
මොහු අධික ලෙස දුම්පානය කරන්නෙකු බවත් සිද්ධිය වූ දිනයේ ඔහු ඕඩ්රි ඝාතනය කිරීමෙන් පසු සිගරැට්ටුවක් පානය කර ඇති අතර ඉන්පසු ඔහු එතනින් පිටව ගොස් ඇත්තේ පානය කරන ලද එම සිගරැට්ටුවේ කොටස එතන විසි කරමින් බවද හෙළි වුණා.
 
පසුව ඝාතකයාට එරෙහිව නඩු පැවරුණා.
 
වසර 25කට පසු අධිකරණය වෙත ඉදිරිපත් කළ මෙම නඩුව දැනට විභාග වෙමින් පවතින අතර නඩුව අවසානයේ 57 හැවිරිදි වියේ පසුව රිචඩ් නැප්ව අධිකරණය මඟින් නියත වශයෙන්ම වරදකරු කරනු ඇති බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.
 
'රෝහණ ආර්යරත්න'

ඝාතනය වූ ඕඩ්රි ෆ්‍රේෂියර් (පහත ඡායාරූප බලන්න.)

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top