Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
1,079
Views
බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මාන් ඛාන් කවදාවත් විවාහ වී සිටි කෙනෙක් නොවෙයි. ඔහු කවදත් ගත කළේ තනිකඩ ජීවිතයක්.  නමුත් තනිකඩයකුව සිටිමින්ම සල්මාන් දැන් තාත්තා කෙනකු වීමට සැලසුම් කරමින් සිටින බවට වන කතාවක් මේ දවස්වල ඉන්දියානු මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත් වී තිබෙනවා.

මේ ගැන බොහෝ දෙනකු තුළ ලොකු කුතුහලයක් ඇති වූයේ විවාහ නොවී ඔහු තාත්තා කෙනකු වීමට යන්නේ කොහොමද යන ප්‍රශ්නයයි.

සාමාන්‍ය ආකාරයට දරුවන් ලබා ගැනීමට නොහැකි මවුපියන් වෙනුවෙන් වෙනත් කාන්තාවක් සිය ගර්භාශය ලබා දීමේ ක්‍රමවේදය  මේ වනවිට බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති ක්‍රමවේදයක් බව රහසක් නොවෙයි. විවාහක යුවළකගේ බිරියට ඇයගේ ගර්භාශය තුළ දරුවකු දරා ගැනීමට ජීව විද්‍යාත්මක වශයෙන් හැකියාවක් නැත්නම් එවැනි යුවළක් වෙනුවෙන්, ඔවුන්ගේ කලලය තමුන්ගේ ගර්භාශය තුළ දරාගෙන සිටින මවුවරුන් සිටිනවා. මෙවැනි කාන්තාවන් හැඳින්වෙන්නේ අන්වාදේශ මවුවරුන් යනුවෙනුයි. සල්මානුත් මේ වගේ අන්වාදේශ මවක හරහා දරුවකු ලබා ගැනීමට යන බවයි වාර්තා වන්නේ. නමුත් සල්මාන් විවාහ වී නැති නිසා ඒ සඳහා වන ස්ත්‍රී ඩිම්බය ද වෙනත් කාන්තාවකගෙන් ලබා ගත යුතුයි. ඒ අනුව සාදාගනු ලබන කලලය ඉහත කී ආකාරයේ අන්වාදේශක මවකගේ ගර්භාශයේ තැන්පත් කිරීම මඟින් තමයි දරුවා බිහි කරන්නේ. ළඟදී විවාහ වීමට අදහසක් සල්මාන් තුළ නැති නිසා ඔහු මේ ආකාරයෙන් තාත්තා කෙනකු වීමට යන බව සඳහන් වෙනවා.

සල්මාන් කුඩා දරුවන්ට ඉතා දැඩි ලෙස ආදරය කරන කෙනකු ලෙස ප්‍රසිද්ධයි. ඔහු සිය ඥාති හිතවතුන්ගේ දරුවන්ට ද දැඩි සෙනෙහසක් දක්වන බව ප්‍රසිද්ධ කාරණයක්. තමා යම් දිනෙක විවාහ වෙනවා නම් ඒ, දරුවන්ට ඇති ආදරය නිසා බවද ඔහු වරක් ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම තම මවත්, පියාත් ජීවත්ව සිටියදී මේ ආකාරයෙන් තාත්තා කෙනකු වීමට තමා කැමැති බව ද ඔහු සඳහන් කරනවා. සල්මාන් ඉහත කී ආකාරයෙන් අන්වාදේශ ක්‍රමය හරහා  පියකු වීමට සැලසුම් කරමින් සිටින බව මාධ්‍යයට හෙළි කර ඇත්තේ ඔහුගේ ඉතාම සමීපතමයකු බවයි පැවසෙන්නේ.

"කාලය නැති වෙනවා කියලා මට හැගීමක් දැනෙන්නේ නැහැ. මට විශ්වාසයි මට අවුරුදු 70ක් වෙද්දී අවුරුදු 20ක දරුවෙක්ගේ පියෙක් වෙන්න මට පුළුවන් වෙයි කියලා. ඒ හැගීම මට දැනෙනවා. මම ඒ හැගීම විදිනවා.මගේ අම්මාටයි තාත්තාටයි මගේ දරුවාව දකින්න ලැබෙන්න ඕන. ඔවුන් මිය යන්න කලින්.." ඔහු එලෙසින් මිට පෙර මාධ්‍යට පවසා තිබීමත් විශේෂයක් බවයි සදහන් වන්නේ


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top