Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
1,103
Views
පසුගියදා වසර 10 ක සිර දඩුවමකින් පසු නිදහස ලැබූ මූල්‍ය වංචා චූදිත සක්විති රණසිංහ සිය වැරදි සම්බන්ධයෙන් පසුතැවෙන බවට ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව සිය ජීවන වෘත්තිය ලෙස නැවත ඉංග්‍රීසි ඉගැන්වීම ඩිජිටල් මාධ්‍ය හරහා අරඹා තිබේ.
ඔහුගේ නවතම සාම්පල  පාඩම් මාලා නිවසක මුල්ලක මාළු ටැංකියක් අසළ තැබූ මේසයක් ළග සිට
අවිධිමත් පටිගත කිරීමක් ලෙස අන්තර්ජාලයට මුදාහැර තිබෙන අතර ඔහු එයින් අපේක්ෂා කර ඇත්තේ ඔහුගේ ඉදිරි ටියුෂන් සඳහා පිරිස් එක්රැස් කරගැනීමයි.

කෝටි 192 ක් ජනතා මුදල් ගසාකන ලද බවට ඔහුට චෝදනා එල්ලවූ අතර තවම එම නඩු අවසන් නැත.
එම නඩුව සම්බන්ධයෙන් මහ බැංකුව මැදිහත් නොවූයේ සක්විති රණසිහගේ මුදල් තැන්පතු භාරගත් ආයතනය රජයේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක් නොවූ නිසාය. මේ හේතුවෙන් මුදල් තැන්පත් කළ අයට තමන්ගේ 


පාඩු විඳදරාගන්නට සිදුවූ අතර නීත්‍යානුකූල නොවන පදනමකින් පවත්වාගෙන ගිය ආයතනයක්වූ නිසා නීතියේ පිහිට ආයෝජකයින්ට ලැබී තිබුනේ නැත.

කෝටිගණන් මුදල් අතපත ගෑ සක්විති රණසිංහට සිරගතව සිටියදී නඩු දිනවලදී ලක්ෂ 6 ක ඇප මුදල් සොයාගන්නට බැරි තත්වයක් තිබූ නිසා ඇප ලැබී තිබුනේ නැත. පසුව සිරගෙදර ටියුෂන් පංති පවත්වා ඔහු එම මුදල් සොයාගන්නට උත්සාහයක නිරතවී එය සාර්ථකවී අවසානයේ ඇප මත නිදහස ලැබුවේය.

ඔහු දෙරණ ටෝක් විත් චතුර වැඩසටහනට පසුගියදා සහභාගී වෙමින් දන්වා තිබුනේ තමාට ටියුෂන් හා අදාළ සීඩී පට විකුණා  මාසයකට ලක්ෂ 40 ක පමණ ආදායම් තිබුණ බවත් ඒවා තවත් ආයෝජනවල යෙදවීමේ අදහසින් මූල්‍ය ආයතන හා නිවාස ඉදිකිරීම් සමාගම් ඇරඹූ නමුත් තමාගේ වරදින් තමන්ට මූල්‍ය කළමනාකරණ දැනුම අඩුකමින් ඒවා නාස්ති කරගත් බවයි.
තමාගේ ආයතනයේ ආයෝජනය කළ අයට එම මුදල් 


නැවත ලබාදෙන්නට හැකියාවක් නැති නමුත් ඒ අය ගැන පසුතැවෙන තමා ඒ අය වෙනුවෙන් අඩු තරමින් ලක්ෂයක් එකහමාරක්වත් මළ ගෙවල් වෙනුවෙන් හෝ ලබාදීමට උත්සාහ කරන බවත් ඒ වෙනුවෙන් ටියුෂන් පංති නැවත අරඹන බවත්ය.

සක්විති රණසිංහ එහි මුල් පියවර තබමින් අන්ත්ර්ජාල මාධ්‍ය හරහා සිය පාඩම් මාලා සාම්පල  පතුරුවා හැරීම ඊට පසුදින සිටම අරඹා තිබුණි.

සක්විති රණසිංහ වැනි අයෙකු ගෙන්වා වැඩසටහනක් සිදු කිරීම ගැන දෙරණ ටෝක් විත් චතුර වැඩසටහනට ඇතැමුන්ගේ විවේචනද එල්වී තිබුණි. කෙසේ වෙතත් මාළු ටැංකියක් ළඟ සිට ගෙන එන ඔහුගේ නවතම පාඩම් මාලා වලට කොමෙන්ටු සපයා තිබෙන වැඩිදෙනෙකු ඔහු අගය කර තිබෙන අතර ඇතැමුන් පවසා ඇත්තේ වීඩියෝ නිෂ්පාදනය ගුණාත්මකව සිදු කර දෙන්නට තමන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමති බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top