Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
2,221
Views

මහේල ජයවර්ධන කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වගේ ලෝක පුජිත දක්ෂ ක්‍රීඩකයෙක්.

ක්‍රිකට් බලන බොහෝ දෙනෙක් දන්නා කාරණයක් තමා මහේලට කේන්ති යනවා කියන එක. ඒ කියන්නේ පිට්ටනිය තුළ මොකක් හරි අසාධාරණයක් වෙනවා නම් මහේල සද්ද නැතුව ඉන්නේ නැහැ. එක ඇත්තටම හොඳ දෙයක්. ඒ නිසා ඔහු දඩ ගෙවපු අවස්ථා පවා තිබුණා.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු. මෙවර IPL එකේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අසාර්ථක ලෙස ක්‍රීඩා කළ අවස්ථාවකදී ඔහුන්ව හදාගන්න එහෙම නැත්නම් කරපු වැරැද්ද පෙන්නලා දෙන්න මහේල ඔක්කවන්මට අම්බනෙට පරුෂ වචනයෙන්ම බනිනවා. රෝහිත් ශර්මා ත් මුණ රතු කරගෙන ඉන්නවා. මේක වෙලා තියෙන්නේ ක්‍රීඩාගාරය තුලදී.

අපි නම් කියන්නේ මහේල වගේ තමා අපේ දැන් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඉන්න ඕනේ. මොකද එයාලත් අමතක වෙලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කියලා. මහේල වගේ තදින් හිටියා නම් වැඩේ හරි.

කොහොම වුණත් මහේල මෙහෙම බනින වීඩියෝව අපට හම්බුණා. එය මේ වෙනකොට ඉන්දියාවේ පැතිරෙමින් යනවා. මේකෙන් අපි මහේලට අගෞරවයක් කරන්න උත්සහ කරන්නේ නැහැ. ඔහු මොන තරම් තමන් කරණ රාජකාරියට අවංකද කියලා මේකෙන් පෙන්වන්න තමා අපි උත්සහ කරන්නේ.

මහේල කියපු දේවල් වලින් ටිකක් කියන්නම්.

"මොකක්ද මේ වෙලා තියෙන්නේ. අද කණ්ඩායම මෙතැනදී මාර අවුල්. පන්දු යවන්නෝ ලකුණු දුන්නොත් පිතිකරුවෝ ලබාගන්න ඕනේ. පිතිකරුවන්ට බැරි වුණොත් පන්දු යවන්නෝ ලකුණු ලබා නොදෙන්න ඕනේ. ඕකයි විස්සයි විස්ස ක්‍රිකට් කියන්නේ. තමන්ට දීලා තියෙන වැඩේ හරියට කරපල්ලා. "

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top