Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
225
Views
හෘද සැත්මකට ලක්ව සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට දුන් කාලය ලබන මස 24 දක්වා දීර්ඝ කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළා. 

ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන 33යි දශම 9ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු 07 දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව කැදවූ අවස්ථාවේදීයි.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කියා සිටියේ පසුගිය මැයි මස 31 වනදා සිංගප්පූරුවේ රෝහලකදී තම සේවාදායකයාට හෘද සැත්කමක් සිදුකර ඇති බවයි. 

පසුගිය 09 වනදා ඔහු එම රෝහලෙන් නික්ම ගොස් ඇති බවත් සති 06ක කාලයක් පුනරුත්ථාපන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිර්දේශ කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම නඩුව කල් දමන ලෙසටයි ඔහු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විරුද්ධත්වයක් ප්‍රකාශ කළේ නැහැ. 

ඒ අනුව මෙම නඩු විභාගය ලබන මස 26 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.  
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top