Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
1,091
Views
සමාජ ජාල ගැන වැඩි අවධානයක් යොමු වී තිබෙන මේ කාලයේ එවැනි ජාල ඔස්සේ ජනප්‍රිය වූ ළාබාල පිරිසක් බොලිවුඩ්පුරයේ සිටිනවා‍‍‍. 

ඒ අය අතරින් නිතරම කියැවෙන්නේ සුහානා ඛාන්, ආර්යන් ඛාන්, තයිමූර් අලි ඛාන් සහ කුෂි කපූර් ගැනයි. 

මේ නම් අතරට අලුතින් ම එක්වූ නම තමයි, ඉරා ඛාන්. මේ සියලුම දෙනා දැනට බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය වු නළු නිළියන්ගේ දරුවන් වීම විශේෂත්වයක්.

සමාජ ජාල අතරට එක්වූ අලුත්ම තරුව, ඉරා ඛාන්ගේ පියා සුපිරි නළු අමීර් ඛාන්. ඇය අමීර් ඛාන්ගේ කලින් විවාහයේ දියණියයි.

පසුගියදා ඉරා ඛාන් 21 වැනි වියට පා තැබුවා. ඇයට උපන් දින සුබපැතුම් පිරිනැමූ පිරිස අතර සිටි ෆාතිමා ශායික් කාගේත් අවධානය දිනා ගත්තා.‍ 

මේ ෆාතිමා තමයි, අමීර් ඛාන් රඟපෑ ‘දන්ගල්’ චිත්‍රපටයේ අමීර් ගේ දියණිය ලෙස රඟපෑවේ. 

ඉන්ස්ටග්‍රෑම් ජාලයේ ජනප්‍රියව සිටින ඉරාට ෆාතිමා සුබ පැතුම් එක් කළේ තම ඉන්ස්ටග්‍රෑම් පිටුව ඔස්සේයි. ඒ සුබ පැතුම සමඟ ලස්සන ඡායාරූපයක් ද ඇය එක්කර තිබුණා. එහි දැක්වෙන්නේ ෆාතිමා සහ ඉරා හමුවූ මොහොතක්.

කාලයක සිට ෆාතිමා සහ ඉරා සමීප මිතුරියන්. ඉඩක් ලැබුණු සෑම අවස්ථාවකම දෙදෙනා හමුවීමට අමතක කරන්නේ නැහැ. සාදයකදී හෝ වෙනත් උත්සව අවස්ථාවක හමුවුණොත් මේ දෙදෙනා බොහෝ වේලාවක් කතා බහ කරමින් සිටිනවාලු.

ඉතින් සමහරු ෆාතිමා සහ ඉරා ව හඳුන්වන්නේ අමීර් ඛාන්ගේ (Reel Daughter) (සිනමා දියණිය) සහ (Real Daughter) (සැබෑ දියණිය) හැටියටලු.

මේ අතර ඇගේ පියා වන අමීර් ඛාන් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ උපන්දින සුබ පැතුමක් පළ කර තිබුණා. එය පහතින්...



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top