Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 19
1,182
Views
ලොග්ගල්ලාඔයේ වන ලැහැබක තිබියදී සොයාගත් 19 හැවිරිදි උසස් පෙළ සිසුවිය මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදි හෙළිව තිබෙනවා. 

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ බදුල්ල මූලික රෝහලේදී සිදු කෙරුණු අතර, ඒ අනුවයි පොලීසිය මෙය සිය දිවි නසා ගැනීමක් බවට සැක කරන්නේ.

පසුගිය 14 වනදා සිට අතුරුදන්ව සිටි මෙම 19 හැවිරිදි උසස් පෙළ සිසුවියගේ මළ සිරුර ලොග්ගල්ලාඔයේ වන ලැහැබක් තුළ තිබියදී කන්දෙකැටිය පොලිසිය සොයාගනු ලැබුවේ පසුගිය 16 වනදායි. 

මෙලෙස මියගොස් සිටියේ බදුල්ල - මැදපතන - ඉසුරුඋයන මාවත ප්‍රදේශයේ පදිංචි සිසුවියක්. 

අදාළ සිසුවිය උපකාරක පන්තියකට සහභාගිවී යළි නිවසට නොපැමිණි බවට දෙමව්පියන් පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුවයි ඇය සොයා විමර්ශන ක්‍රියාත්මක වුණේ.

පසුව ඇය, උපකාරක පන්ති රැගෙන ගිය බෑගය ඇතුලූ උපකරණ ලොග්ගල්ලා ඔය ජලාශය අසළ වන ලැහැබක තිබී 15 වනදා පොලීසිය සොයාගෙන තිබුණා. 

ඇගේ බෑගය අසළ තිබී ඉරා දමා තිබූ ලිපියක්ද සොයාගෙන ඇති අතර, එහි නැවත තමන් දක්නට නොලැබෙනු ඇති බවට සඳහන් කර තිබූ බවයි පොලීසිය කියා සිටියේ.

මේ අතර රුපියල් තිස් ලක්ෂයකට උණවටුන ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් බවට අත්අඩංගුවට ගත් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 

මෙම කාන්තාව ඝාතනය කිරීමට විදේශ රටක වෙසෙන ඇයගේ සැමියා විසින් මොවුන්ට මුදල් ලබාදෙන බවට පොරොන්දුවී තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top