Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
427
Views
එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුනොකරන ලෙස පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබෙනවා. 

අරලියගහ මන්දිරයේ ඊයේ රාත්‍රීයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබෙනවා. 

එහිදී ඉදිරියේදී පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිත විවාද සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි ඊට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.

මෙම රැස්වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. 

එහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top