Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
165
Views

තමන් ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා බවට පත්වූයේ නිකම් සිට නොව පැය ගණන් වැඩකර අහිංසක ජනතාව ජයග්‍රහණය කරවීමෙන් බවත් දැන් සිටින අයට තමන් එදා සිදු කළ කාර්යභාරය ඒ ආකාරයෙන්ම ඉටුකරන ලෙස අභියෝග කරන විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක එසේ කළ නොහැකි නම් කළ හැකි අයට භාරදෙන ලෙසද ඉල්ලීමක් කරයි.

පසුගියදා මහවත්ත ශාන්ත අන්තෝනි විදුහලේ දරු දැරියන්ට ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් මෙම අදහස් පළකළ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ මට එල්ලවූ චෝදනා හමුවේ මට පමණක් නොව මගේ බිරියට මෙන්ම දරුවන්ට පවා අසාධාරණකම්වලට මුහුණදීමට සිදු වුණා. අපට අසාධාරණ ලෙස චෝදනා එල්ල කළා. මෙය වැඩකරන දේශපාලනඥයෝ නැති කරන්න, කුහක දේශපාලනඥයන් පිරිසක් විසින් කළ දෙයක්. මේකට වැඩියෙන්ම දායක වුණේ අපේ පක්ෂයේ අය තමයි. අද සාධාරණය ඉෂ්ට කරලා සැබෑ තත්ත්වය හෙළිදරව් වී තිබෙන්නේ. කයිවාරුවයි ක්‍රියාවයි කියන්නේ දෙකක්. මේ අවස්ථාවේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් මගේ සැබෑ තත්ත්වය ඔප්පු කරලා තිබෙන්නේ.

මගේ නිර්දෝෂී භාවය පෙන්නුම් කිරීමට අවස්ථාවක් උදා කිරීම සම්බන්ධයෙන් මම දෙවියන්ට හා ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මගේ පක්ෂයේ කළු බැටළුවෝ ටිකක් ඉන්නවා. ඒ අයට මේක හොඳ පාඩමක්. පක්ෂය සුද්ධ කරන්න පටන් ගන්න ගමනක ආරම්භය හැටියට මට මේක පෙන්වා දෙන්න පුළුවන්. දක්ෂයෝ නැති කරගෙන අදක්ෂයෝ මුල් කරගෙන කටයුතු කරන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ. අපට අවශ්‍ය වන්නේ අපේ ජනතාව ජයග්‍රහණය කරවීමයි. මට කනගාටු එක දෙයක් ගැන පමණයි. මම මුදල් අමාත්‍ය ධුරය භාරගෙන කරගෙන ගිය ක්‍රියාවලිය දිගටම කරගෙන ගියා නම් අද අපේ රටට මේ වගේ ගැටලු ඇතිවන්නේ නැහැ. 

විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මම වගකීමෙන් කියන්නේ, විදුලිබල ක්‍ෂේත්‍රයේ ඇතිකරගත් කිසිම ගිවිසුමක් මම අහෝසි කරලා නැහැ. කවුරු හරි මට එහෙම චෝදනා කරනවා නම් කරුණාකර එය ඔප්පුකර පෙන්වන්න. ලංකා විදුලිබල මණ්ඩලයත් නැති කරලා අහිංසක ගෘහස්ථ විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිලත් වැඩිකරන්න හදන කුහකයෝ දෙතුන් දෙනෙක් තමයි මේ වගේ බොරු ප්‍රචාර පතුරුවන්නේ. විදුලිබල ඇමැති වශයෙන් පමණක් නෙවෙයි ආණ්ඩුවක් වශයෙන් අපි ඒ වගේ කුහකයන්ට ඔය වගේ කුහක වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් මේ රටේ වැඩ කරන ජනතාවට යම් දෙයක් කරනවා මිස එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වාසි තකා වැඩකරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි සූර්ය විදුලිබල ව්‍යාපෘති නවත්වන්න හදනවා කියලා සමහරු අසත්‍ය ප්‍රචාර කරනවා. නමුත් අපි සූර්යබල ව්‍යාපෘති සියයට 500කින් වර්ධනය කරන්න කටයුතු කර තිබෙනවා. මම මාධ්‍යයටත් කියන්නේ ඔය කියන ආකාරයට මම යම් ගිවිසුමක් අවලංගු කර තිබෙනවා නම් ඒ බව සාක්ෂි සහිතව පෙන්වන්න කියලයි.

උපතිස්ස පෙරේරා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top