Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
432
Views

සිය දියණියටයි බෑනාටයි ජීවත් වෙමින් සිටිමට තනා දුන් නිවසේ ගඩොල් ටික දියණියගේ දීගය අවසන් යැයි පවසා බෑනා ලවා ගඩොල් ටික ගලවලා දෙන ලෙස ඉල්ලා කාන්තාවක් පසුගියදා කෑගල්ල  කෑගල්ල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේන් සහය පැතු බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතා පැවසීය.

මෙලෙස කෑගල්ල මූලස්ථාන පොලිසියේ  විවිධ පැමිණිලි අංශයේන් සහය පතා ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.

කෑගල්ල පොලීසියට පැමිණ ඇති කාන්තාවගේ දියණිය බාලවයස් කාලය ගත කරමින් සිටියදී ප්‍රදේශීය තරුණයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන ජීවත් වෙමින් සිට ඇත. දෙදෙනාගේම  නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු තරුණියගේ මව දෙදෙනාම විවාහ කර දී සිටියදී  එකම නිවසේ ජීවත් විය නොහැකි බව පවසා  දියණියත් බෑනාත් ⁣වෙනම ජීවත්  වීමට කාන්තාවගේ ගෙවත්තේ නිවසක් යුවල ගොඩනගන අවස්ථාවේදී තරුණියගේ මව නව නිවස⁣ට අවශ්‍ය සිමෙන්ති ගඩොල් කැට 1200 ක් මිලට ගෙන දී ඇත. නිවස තනා අවසන් කර යුවල එම නිවසේ පදිංචියට ගොස්  සිට ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක තරුණයෙක් සමග ඇති කරගත් අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඔහු සමඟ පැන ගොස් තිබුණි. පසුව නිවසේ තනිවම සිට ඇති බෑනා ද වෙනත් තරුණියක් මීට දින කිහිපයකට ඉහත දී නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි. 

පසුව තරුණියගේ මව නිවස තමාගේ යැයි පවසා අවස්ථා කිහිපයකදීම බෑණාගෙන් නිවස ගොඩනගා ඇති ගඩොල් ටික ගලවා දෙන ලෙස ඉල්ලීමක් ද කර  ඇති බව ද පොලිසිය කියයි. බෑනා සිය දියණිය අත හැර වෙනත් කාන්තාවක් නිවසට කැන්දාගෙන පැමිණි සම්බන්ධයෙන් කාන්තාව කනස්සල්ලෙන් සිටින බව ද⁣ පොලිසිය කියයි. කාන්තාවට බෑනා නිවසේ ගඩොල් ටික ගලවා නොදුන්යා යැයි පවසා ඉකුත් දා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට කෑගල්ල මූලස්ථානය පොලිසිය වෙත පැමිණි බව පොලිසිය  කියයි. එහිදී විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතා කාන්තාවගේ ගැටළුවට ඇහුම්කන් දී පසුව සිද්ධිය සම්බන්ධයෙන්  කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් පසු කාන්තාව කනස්සල්ලෙන්  පොලිසියෙන් පිටව ගිය බව ද අනාවරණය වෙයි. 

චමින්ද ජයලත්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top