Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
864
Views

පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට පිහියක් රැගෙන සුදුවතින් සැරසි සැකකටයුතු ආකාරයට පැමිණි කාන්තාවක් හා තරුණයෙකු අනුරාධපුර උඩමළුව පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට වැඩිදුර පරික්ෂණ සඳහා භාරදී තිබේ.

පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට විශේෂ ආරක්ෂාව සපයමින් සිටි උඩමළුව පොලීසියේ නිලධාරින් පිරිසකට සැකකාර මුස්ලිම් ජාතික කාන්තාව ජය ශ්‍රී මහ බෝධියට ඇතුල්වීම සඳහා උත්සාහ කරද්දී පරික්ෂාවට ලක්කර තිබූ අතර ඇයගේ ගමන් මල්ලේ අගල් දෙකකට වඩා දිගින් යුතු තියුණු මුවහත ඇති තහනම් පිහියක් තිබී හමුවූ බව පොලීසිය පවසයි.

සැකකාරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිංහල ජාතිකයෙකු සමග අනුරාධපුර නගරයට පැමිණ තිබෙන අතර ඇය සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසි ශ්‍රී මහ බෝධිය දෙසට යාමට ප්‍රධාන දොරටුව පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් පිරිසකට සැකසිති පරික්ෂාකල අවස්ථාවේ ඇයගේ ගමන් මල්ලේ තිබූ පිහිය හමුවී තිබුණි.

කුමන කාරණාවක් සඳහා පිහියක් රැගෙන යන්නේද පිළිබඳව පොලීසිය සිදුකල ප්‍රශ්න කිරිම් වලදී වරකා කෑම සඳහා පිහිය ළඟ  තබාගත් බව පොලීසියට පවසා තිබුණි.

සැකකාරිය පොහොය දිනයේ ඔත්තු බැලිමට පැමිණියේද යන්න සම්බන්ධයෙන් සැක මතුවී තිබෙන අතර ඇය කොළඹ කෙසෙල්වත්ත ප්‍ර දේශයේ පදිංචිකාරියක් බව පොලීසිය පවසයි.

ඊට අමතරව තවත් සැකකරුවෙකු රුවන්වැලිසෑයේ සිට ශ්‍රී මහ බෝධිය දක්වාවූ පෙත්මග ඔස්සේ ශ්‍රී මහ බෝධියට ඇතුල්වන දෙවන ආරක්ෂක වලල්ල පසුකිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසියට ඔහු පිළිබඳව සැකසිති පරික්ෂා කළ  කරුණු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරිම් වලදී තරුණියක් ඔහුට දුරකථන අංකයක් ලබාදුන් බවත් ඇය ශ්‍රී මහ බෝධිය ආසන්නයේ සිටින බැවින් ඇය හමුවීමට උත්සාහ කළ  බවත් පොලීසියට පවසා තිබුණි.

මෙම සිද්ධි දෙක සිදුවන අවස්ථාවේ අත්බෑගයක් සමග පුද්ගලයෙකු සෙනඟ අතරින් දිව පළාගිය බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර එහෙත් කිසිදු අයෙකු අත්අඩංගුවට පත්නොවු බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පොසොන් පොහොය උත්සවය සඳහා විශාල පිරිසක් අනුරාධපුර පූජා භූමියට පැමිණ සිටි බවත් කිසිදු කලබලයක් සිදුනොවන ආකාරයෙන් සැකකරුවන් අත්අඩංගුවටගත් බවත් පොලීසිය පැවසීය.

අත්අඩංගුවටගත් කාන්තාව වයස අවුරුදු 38ක් හා පිරිමි පුද්ගලයා වයස අවුරුදු 35ක අයවළුන් බව පොලීසිය පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරන මහතාගේ උපදෙස්මත උඩමළුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක යූ.සී.අයි හේමපාල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් කණ්ඩායමක් විශේෂ ආරක්ෂක රාජකාරියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එප්පාවල  - තිසර සමල්

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top