Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
2,324
Views

කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය පුපුරවා හරින බවට දේවස්ථානයේ පාලක පියතුමාට තර්ජනාත්මක දුරකථන ඇමැතුමක් දුන් පුද්ගලයකු කටුනායක, ඇවරියවත්ත ප්‍රදේශයේදී පෙරේදා (16දා) අත්අඩංගුවට ගත් බව වෙරළබඩ පොලිසිය කියයි.

නාඳුනන පුද්ගලයකු තම ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදෙමින් විනාඩි හතළිස් පහක් ඇතුළත දේවස්ථානය බ්ලාස්ට් කරන බව පවසා දුරකථනය විසන්ධි කළ බව ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ජූඩ් රාජ් පියතුමා වෙරළබඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පියතුමාගෙන් පැමිණිල්ල ලද වහාම දේවස්ථානයේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

පියතුමාට තර්ජනාත්මක ඇමතුම ලබාදුන් දුරකථන අංකයේ විශේල්ෂණ වාර්තාවක් ලබා ගත් පොලිසිය ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය කටුනායක, ඇවරියවත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති එකක් බවට අනාවරණය කර ගත් බව පොලිසිය කියයි.

කටුනායක, ඇවරියවත්තට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් එම කාන්තාව හමුවූ සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇයගේ නමට ලබාගත් එම දුරකථන අංකය හිමි සිම්පත ඇයගේ පුතු පරිහරණය කරන බවට අනාවරණය වීමෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මුහුණු පොතෙහි තිබූ දුරකථන අංකයකට කතා කළ පසු ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පියතුමා බවට දැනගත් හෙයින් බිය ගැන්වීම සඳහා එසේ පැවැසූ බව සැකකරු ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

කොළඹ උතුර පොලිස් අධිකාරිගේ අවසරය මත පැය හැත්තෑ දෙකක් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන ප්‍රශ්න කරන සැකකරුව අද (18දා) දින මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙරළබඩ පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. 

 

එම්.සී. පෙරේරා

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top