Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
831
Views

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේ පරාජයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමේ කිසිදු සාමාජිකයකු සහභාගී නොවීම බොහෝ දෙනාගේ කථා බහට ලක්වූ සිදුවීමක් බවට පත්වුණා.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකා කණ්ඩායමේ එම ප්‍රතිචාරයට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම මාධ්‍ය හමුව සඳහාද දිමුත් කරුණාරත්න සහ ඇන්ජිලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් පමණක් සහභාගි විය යුතු බවට ICC ය  ශ්‍රී  ලංකා කළමණාකාරීත්වයට බලපෑම් කිරීම බව වාර්තා වනවා.

ඒ අනුව එම තරගයට පෙර පැවැති මාධ්‍ය හමුව සඳහාද සහභාගි වූ නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජිලෝ මැතිව්ස් යන ක්‍රීඩකයින් දෙදෙනා තරගයෙන් පසු පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහාද සහභාගි කරවන ලෙස ICCය ශ්‍රී  ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වයට දන්වා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී  ලංකා කණ්ඩායම පවසා ඇත්තේ එම ක්‍රීඩකයින් දෙදෙනා පමණක් එම මාධ්‍ය හමුවට කැඳවීම තර්කානුකූල නොවන නිසා වෙනත් ක්‍රීඩකයකු හෝ කණ්ඩායම් කළමණාකාරීත්වය ඒ සඳහා සහභාගි වන බව ICCය  වෙත දන්වා ඇති බව දැනගන්නට ලැබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකා කණ්ඩායමේ එම ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති ICCය නැවත නැවතත් ශ්‍රී  ලංකා කළමණාකාරීත්වය වෙත දන්වා ඇත්තේ ඉහත ක්‍රීඩකයින් දෙදෙනා එම මාධ්‍ය හමුව සඳහාද සහභාගි විය යුතු බවයි. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top