Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
307
Views

වෛද්‍ය ෂාෆි ෂෙහබ්ඞීන් මහතා විසින් සිදු කළ සිසේරියන් සැත්කම්වලදී තමන් වඳ භාවයට සහ විවිධ සංකූලතාවන්ට ලක්වූ බව කියමින් කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත පැමිණිලි කළ සිංහල මවුවරුන්ගේ සංඛ්‍යාව ඊයේ (17 වැනිදා) එක් දහස් තුන (1003) දක්වා ඉහළ ගොස් ඇත. 

ඊයේ දින තෙක් කුරුණෑගල රෝහල වෙත පැමිණිලි 8 ක් ලැබී තිබූ අතර ඒ අනුව මේ වන විට කුරුණෑගල රෝහල වෙත ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 827 කි.

මේ අතර දඹුල්ල රෝහල වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 180 ක් බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

වෛද්‍ය ෂාෆි ෂෙහබ්දීන් මහතාට එරෙහිව සිංහල මවුවරුන් විසින් මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ඉකුත් මැයි මස 26 වැනිදා සිටය.

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර - කුරුණෑගල, සරත් එරමිණිගම්මන - දඹුල්ල

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top