Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
310
Views
ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වූ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර දින දෙකකට පසු අද උදෑසන සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ රූමස්සල - දෙවට ප්‍රදේශයේ මුහුදු තීරයේ පාවෙමින් තිබියදී මළ සිරුර සොයා ගත් බවයි. 

මොහු ගාල්ල - පිලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි යුද හමුදා සාමාජිකයෙක්. 

පසුගිය ඉරිදා දහවල් ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගිය පුද්ගලයින් පස්දෙනෙකු කඳු පාමුල පර්වතකයක නැගී ඡායාරූප ගනිමින් සිටියදී එක් වරම පැමිණි සැඬ රළ පහරකට හසුවී මුහුදට වැටී තිබුණා. 

එහිදී තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබූ අතර, අනෙක් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වුණා. 

පසුව පොලීසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී මුහුදට වැටුණු 29 හැවිරිදි මහරගම - දෙහිවල පාර ප්‍රදේශයේ පදිංචි තරුණියගේ සිරුර සොයා ගත්තා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top